ranjan-speaks

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රවීණ රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා මාධ්‍ය හමුවේ මෙසේ පැවසීය.

"අවුරුද්දයි මාස 7ක් හිටියනේ. පොඩි කාලයක් නෙමෙයිනේ. මම සතුටින් ඉන්නවා. හැබැයි ජනතාවනම් එච්චර සතුටින් ඉන්නවා කියලා පෙන්නෙනෑ. කරන්ට් බිල තුන්ගුණයක් වැඩී කියලා කියනවා. බංකොළොත්භාවයෙන් බේරිලා IMF එක ලැබුන එක නම් හරි වටිනවා.  

මං දැක්කා මහා පරිමාණයේ ලෝක හොරුන්ගේ ණය බොල් ණය  වශයෙන් කපා හැරලා කියලා දාලා තිබුනා. දුප්පත් අහිංසක මිනිහෙක් ණයක් අරගෙන පැහැර හැරියොත් අනිවාර්‍යයෙන් හිරේ දානවා වද දෙනවා.  පහුගිය ටිකේ එහෙම දූෂණ වංචා කරපු බොහෝ අයට රැකවරණය ලැබුනා.



ඕන කෙනෙක්ට මතයක් දරන්න පුළුවන්. නමුත් ප්‍රසිද්ධියේ ලෝකයේ බහුතර ජනතාවක් ගරු කරන ආගමකට, ආගම් ශාස්තෲවරයෙකුට, ඇදැහිල්ලකට ඒකට පහර ගහනවනම් ඒක වැරදියි කියන මතේ මං ඉන්නවා. හැබැයි මම නම් විද්‍යාව තමයි විශ්වාස කරන්නෙ. පහුගිය කොරෝනා සමය ඒකට හොඳම උදාහරණයක්. සියළුම ආගම්වල අය හැංගුනා, හොස්පිටල් විතරක් ඇරියා මල්ලී. වෛද්‍යවරු තමයි දෙවිවරු.  මගේ දැනුම අනුව නාසා ආයතනය තමයි මම විශ්වාස කරන්නේ. ඇදැහිලිවලට එච්චරම මගේ මේකක් නෑ.

මේ ආගම් ශාස්තෲවරයන්ගේ දහම විකුණාගෙන කන අය ගොඩක් ඉන්නවා. සල්ලි හොයන ගොඩක් අය ඉන්නවා. ලෝකෙට මහා සේවයක් කරපු ගෞරවනීය චරිත වලට මඩ ගහනවනම් අපහාස කරනවනම් ඒක වරදක්."