rmv-icta

දිවයිනේ සමස්ත පළාත් නමය මගින් නිකුත් කර තිබෙන වාර්ෂික සාමාන්‍ය වාහන ආදායම් බලපත් ගණන මිලියන 5.5ක් ඉක්මවා ඇති අතර, එයින් උපයා ඇති ආදායම රුපියල් බිලියන 10ක් ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි. රථවාහන ආදායම් බලපත්‍රය මේ වනවිට අන්තර්ජාලය හරහාද කඩිනමින් ලබාගැනීමේ පහසුකම ජනතාවට ලැබී ඇති බව නිවේදනය කරමින් එම ආයතනය මෙම කරුණු අනාවරණය කරයි.

එහිදී, ICTA සහ පළාමෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව හා මෝටර්ථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් ඉ-වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ  වැඩසටහත (eRL) යටතේ මෙය ක්‍රියාත්මක කර තිබේ.

නව වාහන ආදායම් බලපත්‍රයක් ලබාගැනීම මෙන්ම, තිබෙන ආදායම් බලපත්‍රය අලුත් කර ගැනීමේ පහසුකමද eRL’ වැඩසටහනයටතේ ලබාදී ඇත. මාර්ගගත ක්‍රමය ඔස්සේ බලපත්‍ර ලබාගැනීම සදහා වන මූල්‍ය ගෙවීම් ක්‍රෙඩිට් කාඩ් මගින් කළහැකි අතර, ඊට අදාළ තාවකාලික ආදායම් ,බලපත්‍රය ඉ-මේල් ලිපිනය ඔස්සේ ලැබෙන බව කියයි. ස්ථිර ආදායම් බලපත්‍රය දින කිහිපයකින් ලියාපදිංචි තැපෑලෙන් අයදුම් කරන්නාගේ නිවසට ලැබෙනු ඇත. එසේම, දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින්ද මෙම පහසුකම ජනතාවට ලබාගැනීමට හැකි අතර, ලංකා රාජ්‍ය ජාලය (Lanka Goverment Network) සහ ලංකා රාජ්‍ය මේඝය (Lanka Goverment Cloud) යන යටිතල පහසුකම් පද්ධති මගින් එය බලගන්වා තිබේ.

මෙම වාහන බලපත්‍ර නිකුත් කිරීම තවදුරටත් කාර්යක්‍ෂම කිරීමේ අරමුණින් ව්‍යාපෘතියේ දෙවැනි  අදියර යටතේ තවත් පහසුකම් එක් කිරීමට නියමිත බවද ICTA සදහන් කරයි. ඒ අනුව දැනටමත් තම වාහනය ලියාපදිංචි කර තිබෙන්නේ කුමන පළාතක වුවද, ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් එය ලබාගැනීමේ හැකියාවද ලැබී ඇත.

තවද, වාහන ආදායම් බලපත්‍රය නිකුත් කිරීමට අවශ්‍ය ලිපි ලේඛන ස්කෑන් කිරීමට පියවර ගැනීම නිසා එම කටයුතු කඩිනමින් නිම කිරීමේ හැකියාව ලැබී තිබේ. මේ නිසා කඩදාසි භාවිතය අවම වීමට, වියදම් අවම වීමට සහ හරිත පරිසරය සුරැකීමට ඉවහල් වී ඇති බව ICTA වැඩිදුරටත් සදහන් කරයි.
ෂමිල පෙරේරා