rohitha-speaks

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මාධ්‍ය හමුවේ මෙසේ පැවසීය.

"මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, එතුමා කවදාවත් මැතිවරණවලට බය වෙච්ච නායකයෙක් නෙමෙයි. 2024 කියන්නේ මැතිවරණ වර්ෂයක්. අවසාන භාගය වෙනකොට ජනාධිපතිවරණයක් පවත්වන්න ඕන. ඊට ඉස්සෙල්ලා පාර්ලිමේන්තු මැතිවරණයක් වෙන්නත් පුළුවන්. රටේ ආර්ථිකේ හොඳ වෙනකොට පළාත් පාලන මැතිවරණය තියන්න පුළුවන්.



මේ රටේ විශාල ලෙස මිනිස් ඝාතන ඇති කරා ජනතා විමුක්ති පෙරමුණ. අතුකෝරල මන්ත්‍රීතුමාව මරලා දැම්මා. ගෙවල් විශාල ප්‍රමානයක් ගිණි තිබ්බා. හිතුවා අපේ පක්ෂේ ඉවරයි කියලා. 2023 මැයි 1 වෙනිදා අපි කැම්බල් පිටිය පුරවනවා. අපේ පාක්ෂිකයො එනවා ඔක්කොම. මේ පක්ෂය ශක්තිමත් පක්ෂයක්. ලේසියෙන් අපේ පක්ෂේ වට්ටන්න හම්බවෙන්නේ නෑ.

අපිට පේනවා සමඟි ජන බලවේගයත්, ජේවීපී එකත්, අපිත් එක්ක ඡන්දෙ ඉල්ලලා ජීවිතේට මන්ත්‍රීකම් ගන්න බැරි අයියලා ටිකකුත් අර නයා මැරිච්ච අහිකුන්ටකයෝ වගේ කොටසකුත් ඉන්නවා. රටේ පැය 24 විදුලිය දෙනවට බයයි, තෙල් පෝළිමක් දැක්කේ නැති වුනාම ඇඟට අමාරුයි. ආර්ථිකේ ශක්තිමත් වෙනවා. ඒක වෙනකොට අර කියන උන්නැහැල ටිකට වේදිකාවකුත් නෑ මාතෘකාවකුත් නෑ. අරගලේ ඉතුරු වෙච්ච නට්ටෝ ටිකක් ඉන්නවා ඩොලර් වලින් යැපෙන. උන් ටිකත් ඔය කොහෙ හරි තැනක ඉදලා බෝඩ් කෑල්ලක් අල්ලන් ඉන්නවා."