සමාගම් පනතට පටහැනි ආකාරයට මූල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොලී ලබාදෙන බව පවසා මහජනතාවගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් තැන්පතු වශයෙන් වංචනිකව ලබා ගැනීම සම්බන්ධයෙන් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳට එරෙහි නඩුව ජුලි මස 19 වැනිදා සිට විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදි මහතා ඊයේ (18) තීරණය කළේය.
සමාගම් පනතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොලී ලබාදෙන බව පවසා මහ ජනතාවගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් තැන්පතු වශයෙන් වංචනිකව ලබාගැනීම සම්බන්ධයෙන් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳට එරෙහි නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස තීරණය කළේය. නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ දී විත්තිකාර සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ අධිකරණයේ පෙනී සිටියහ.
මුලින්ම මෙම සිද්ධියට අදාළව සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙනකුට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා තිබු අතර පසුව ඉන් විත්තිකරුවන් 09 දෙනකු නීතීපතිවරයාගේ උපදෙස් නිදහස් කෙරිණි. නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ දී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරයා නඩුව ලබන ජුලි මස 19 වැනිදා කැඳවීමට ද නියම කළේය.
මනෝප්රිය ගුණසේකර
0 Comments