saman-ekanayake-thief

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ පානදුර පින්වත්ත ප්‍රදේශයේ පිහිටි නිවසට ඇතුළුවීමට තැත් කළ පුද්ගලයෙක් පින්වත්ත පොලිසිය විසින් ඊයේ (30) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.මෙම සැකකරු නිවෙසේ තාප්පයෙන් පැන වත්තට ඇතුළු වන අයුරු එහි ආරක්ෂක කටයුතුවලට අනුයුක්ත කර සිටි පොලිස්

කොස්තාපල්වරයා දැක ඔහු අල්ලා ගත් අවස්ථාවේ සැකකරු කොස්තාපල්වරයා සමග පොරබදා පලාගොස් ඇත. එම පොලිස් නිලධාරියා පින්වත්ත පොලිසියට ඒ පිළිබඳව කළ දැනුම් දීමකට අනුව, පොලිස් කණ්ඩායමක් පැමිණ සෝදිසි කිරීමේ දී පාළු නිවසක සැඟව සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචි තිස්දෙහැවිරිදි තරුණයකු බවත්, ඔහු මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහිව සිටින බවත් පොලිසිය පවසයි. ඔහු සොරකම් කිරීමට මෙලෙස ඇතුළු වන්නට ඇති බවට පොලිසිය සැකකරයි. සැකකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචි තිස්දෙහැවිරිදි තරුණයකු බවත්, ඔහු මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහිව සිටින බවත් පොලිසිය පවසයි. ඔහු සොරකම් කිරීමට මෙලෙස ඇතුළු වන්නට ඇති බවට පොලිසිය සැකකරයි. සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට අද (31) ඉදිරිපත් කිරීමට නියමිතය. පින්වත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ඉන්දිකා රාමනායක