sarath-fonseka-speaks

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවැති සභාවක් අමතා මෙසේ පැවසීය.

"ජනතාව රවට්ටලා ඒකෙන් ආණ්ඩු පිහිටන්න හිතන් ඉන්නවනම් ඒ ගොල්ලො හොඳ නායකයෝ නෙමෙයි. මං ගියා එංගලන්තේ ආරක්ෂක විද්‍යාලයේ 2001. මේකේ ප්‍රධානියා තරු 4 ජෙනරල් කෙනෙක් වුනාට වැඩට එන්නේ කොච්චියෙන් බැහැලා කිලෝමීටර 1.5ක් ඇවිදගෙන එනවා කළු පාට බෑග් එකකුත් එල්ලගෙන. එයාට සැලියුට් කරන්න, බෑග් එක උස්සන්න, එනකොට පාවඩයක් එලන්න, එහෙම කවුරුත් නෑ. මම එහෙ ඉඳලා ලංකාවට ආව මාව දැම්මා බටලන්දේ මාණ්ඩලික විද්‍යාලයේ ප්‍රධානියා විදියට. හමුදාවේ ඉඳලා අවුරුදු 10 යනකොට මේජර් කෙනෙක් වෙනවා. අතන ජෙනරල්ලා 80යි මෙතන මේජර්ලා 50යි. කාර්‍ය මණ්ඩලය කීයක් විතර ඉන්න ඇතිද? කාර්‍යමණ්ඩලය 350යි. එතකොට මේ රටේ අවභාවිතය සහ මූල්‍යමය සම්පත් ඒ වගේ වටිනාකම තේරෙන්නේ නැතිවග, අප්පොච්චිගේ බූදලය වගේ මේවා පාවිච්චි කිරීම අපේ රටේ කන කොකා හැඬීමට එක හේතුවක්.



මේ රටේ විශ්‍රාමික ජනාධිපතිලට නිල නිවාසයට අමතරව වියදම් කරනවා ලක්ෂ 13.5ක්. ලෝකෙ අනිත් රටවල එහෙම නෑ. අපි දකිනවා ඔබාමලා දැන් තනියම වාහනයක් එලවගෙන යනවා. ඒ ජනාධිපති ඇමරිකාවේ. අපේ කට්ටිය එහෙම කරනවද?

මම හිර ගෙදර හිටියා අවුරුදු දෙකහමාරක්. එළියට ආවා 2013. මට මාරාගෙන මැරෙන බෝම්බේ වැදුනේ 2006. මගේ ඇඟ ඇතුලේ තවමත් යකඩ කෑලි 28ක් තියෙනවා. පෙනහළු දෙකෙන් භාගයයි තියෙන්නේ. මෙඩිකල් චෙකප් එකකට මම සිංගප්පූරුවේ ගියා දවස් 2ක් එහෙ නැවතුනා. මට බෙහෙත් කරපු වෛද්‍යවරු නර්ස්ලා ඒ කාර්‍ය මණ්ඩලයම තමයි චෙකප් එක කරේ. මම එක දවසක් හෝටලෙන් එලියට ආවා ටැක්සියක් ගන්න හොස්පිටල් එකට යන්න. මන් ඉන්නකොට වෑන් එකක් තිබුණා.

ඒ වෑන් එකේ රියැදුරා වෑන් එකේ වාඩි වෙලා හිටියා. ඒ වෑන් එකේ අනිත් පැත්තෙන් වම් අත ඉනේ තියාගෙන ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් එක්ක කතා කර කර හිටියා. එයා ගියාට පස්සේ හෝටලේ සේවකයෙක් ඇවිල්ල මගෙන් ඇහුවා සර් දන්නවද කවුද ඒ හිටියේ කියලා. මං කිව්වා මං කොහොමද දන්නේ මං ලංකාවේ මිනිහෙක්. සර් එතන හිටගෙන හිටියේ අපේ රටේ නියෝජ්‍ය අගමැතිලු. එයා තමයි සිංගප්පූරුවේ මුදල් ඇමති. එයාගේ ඩ්‍රයිවර්වත් ඇවිල්ලා එයාගේ දොරවත් ඇරලා දුන්නෙ නැහැ. අපේ රටේ කොහොමද දේශපාලකයා?"