sb-dissanayake

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ පැවසීය.

"මැයි දිනේ ගත්තහම අපි එකේ විශාලම ක්‍රීඩා පිටිය සංවිධානය කරපු මැයි රැළිය. අපි ඉතා සාර්ථක මැයි දිනයක් පැවැත්වුවා. වහාම මේ රටේ වාමාංශික කණ්ඩායම් වල එකතු වීම මේ වෙලාවේ ඉතාම වැදගත්. ජනාධිපති එක්සත් ජාතික පක්ෂයේ වුනත් එක්සත් ජාතික පක්ෂයටත් තනියෙන් බලය අරගෙන නැගිටින්න කිසිසේත් බැරි බව මේ මැයි දිනයෙන් ඉතා හොදින් පැහැදිලිව පෙනුනා.

සෙනඟ හිටියා ජනතා විමුක්ති පෙරමුණෙ මැයි දිනෙත්. අපේ මැයි දිනය හා සමඟි ජන බල වේගයේ මැයි දිනයේ. අනිත් ඒව වල එහෙම සෙනඟ කියලා හිටියේ නෑ.

මම මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ ඒ වෙලාවේ දොස්තර මට කිව්වා ගිහිල්ලා හඟුරන්කෙත තරග කරන්න කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ හිටපු ඉතාම ගෞරවනීය සම්භාවනීය ඉතාම අවංක කැබිනට් ඇමතිවරයෙක් වෙච්ච ටී.වික්‍රමසිංහ එළියට බැස්සා. නන්දෙලාලුත් එළියට බැස්සා.

අපි එකතු වෙලා පළවෙනි වටේ යනකොට අපි දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට මිනිස්සු හූ කිය කිය එළවනවා. මැතිවරණ කිට්ටු වෙන්න කිට්ටු වෙන්න අපි දිය වෙන්න පටන් ගත්තා. ආපහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ ශක්තිමත් වුනා. මැතිවරණෙදී 6න් 5ක් ජේ.ආර් ජයවර්ධන ගත්තා. අපි ඉතාම සාර්ථකව එක්කෙනක්වත් ජයග්‍රහණය නොකර ඉතාම ප්‍රභල පරාජයකට අපි සියළු දෙනාම මුහුණ දුන්නා."