sri-lankan-tata

පාඩුලබමින් පවතින ශ්‍රී ලංකන් ගුවන් සේවය දැනට අලෙවි කරන්නට ෂූදානම් රාජ්‍ය ව්‍යවසායන්ගෙන් එකක් ලෙස නම් කර ඇති මුත් ආයෝජකයින් මේ දක්වා සොයාගැනීම අපහසුවී ඇත.


සමාගමේ මූල්‍ය තත්ත්වය අනුව කිසිවෙක් යෝජනාවක් ඉදිරිපත් කර නැත. එවැනි යෝජනාවක් සලකා බැලීමට ඇතැමුන් කැමැත්තෙන් සිටි නමුත් පසුගිය පාඩු පියවා ගෙන ඔවුන්ට අලුත් ආරම්භයක් ගත හැකිවීමේ අපහසුතාව මත බොහෝ අය කර අරින ස්වරූපයක් පවතී.


කෙසේ වෙතත්, ගුවන් සේවා ආරංචි මාර්ග පවසන්නේ ඉන්දියාවේ දැවැන්ත ආයෝජකයෙකු වන ටාටා සන්ස් මේ කෙරෙහි ඇස ගසා ඇති බවයි.
පසුගිය වසරේ ඉන්දියාවේ එයාර් ඉන්දියා සමාගම පවරාගෙන එම ගුවන් සේවය යළි පණගන්වන්ට උත්සාහ කළ ටාටා සන්ස් සමාගම ලංකාවේ ගුවන් සමාගමටද යම් උනන්දුවක් දක්වන බව මේ දිනවල කතාබහට ලක්ව තිබේ. එයාර් ඉන්දියා සමාගමට අමතරව, විස්තාරා, එයාර් ඉන්දියා යන සමාගම් ද සමූහ ව්‍යාපාරය සතු වේ

SriLankan Airlines දැනට කොළඹ සිට ඉන්දියාවේ බැංගලෝර්, චෙන්නායි, දිල්ලි, හයිද්‍රාබාද්, කොචි, මදුරෙයි, මුම්බායි,
ත්‍රිවාන්පුරම් සහ තිරුචිරපල්ලි යන ගුවන් තොටුපළ වෙත පියාසර කරයි. බෞද්ධ වන්දනා සමයේදී එය සෘජුවම බුද්ධගයාව, බරණැස සහ කුසිනාරා වෙත පියාසර කරයි.



මීට පෙර, වරාය සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාවකට ප්‍රකාශ කළේ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ආයතන දෙකක් වන ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් සහ ශ්‍රීලංකන් කේටරින් එක් ගැණුම්කරුවෙකුට විකිණීමට රජය සැලසුම් කර ඇති බවයි. ලාභ ලබන ආයතන දෙකෙහිම 49% ක කොටස් විකිණීමෙන් දළ වශයෙන් ඩොලර් මිලියන 600 ක් රැස් කිරීමට රජය බලාපොරොත්තු වේ. කෙසේ වෙතත්, එම මුදල ආවරණය වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පවතින ණයවලින් අඩක් පමණ ය.