ප්‍රකට ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක හා ව්‍යාපාරික කාන්තාවක වන සුදර්මා නෙත්තිකුමාරගේ නිවෙසේ සිදුවූ සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම නිවසේ මෙහෙකාරිය පොලිස් ස්ථානය තුළ දී හදිසියේම රෝගී වී රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
ව්‍යාපාරික කාන්තාව රාජගිරිය රෝයල් ගාර්ඩ්න් හී නිවසේ පදිංචිව සිටින අතර ඇයට අයත් කොටා පාර නිවසේ සිදුවූ බව කියන හොරකමක් ගැන වැලිකඩ පොලිසියට පසුගිය 11 වෙනිදා පැමිණිලිකර තිබූ අතර එම නිවසේ මෙහෙකාරිය නිවෙසේ තිබුණු රන් භාණ්ඩ ඇතුළු දේපොළ සොරකම් කර ඇති බව පැමිණිල්ලේ සටහන්වී තිබුණි.
පොලිසිය මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් කොටා පාරේ නිවසක ඒ වන විට මෙහෙකාර සේවයේ නිරතව සිටි මෙහෙකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.ඇයව පොලිස් ස්ථානයට රැගෙන ගොස් රඳවාගෙන දීර්ඝ ලෙස ඇගෙන් ප්‍රශ්න කර ඇති බවද පැවසිණි.
පොලිස් නිලධාරීන් ඇගෙන් ප්‍රශ්න කර ඇත්තේ ව්‍යාපාරික කතගේ නිවසේ ඇය සේවය කළ කාලසීමාව තුළ අතුරුදන්ව ඇති මුද්දක් ඇතුළු රන් භාණ්ඩ කිහිපයක් ගැනය.
ඇය දිගින් දිගටම පවසා ඇත්තේ තමන් එවැනි දෙයක් සොරකම් නොකළ බවකි.
පසුව ඇය පොලිසියේදී පවසා ඇත්තේ ෙඇය හුස්ම ගැනීමේ අපහසුතාවයේ මතුව තිබෙන බවයි.
ඊයේ සවස 06ට පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙහෙකාරිය මියගොස් ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.
මෙසේ මියගොස් ඇත්තේ බදුල්ල නාවල වත්ත දෙමෝදර පදිංචිකාරියක් වන ආර්. රාජ් කුමාරි නමැති 42 හැවිරිදි කාන්තාවකි.
0 Comments