විහාරස්ථානයේ වැඩ සිටි 15 හැවිරිදි සාමණේර හිමි නමකට බරපතළ ලිංගික අපයෝජනයක් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සූරියවැව ප්රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක් ඊයේ (18) සවස සූරියවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සූරියවැව ප්රදේශයේ විහාරස්ථානයක විහාරාධිපතිව සිටි 40 හැවිරිදි හිමිනමකි. සැකකාර හිමිනම විහාරස්ථානයේ වැඩ සිටි 15 හැවිරිදි සාමණේර හිමි නමක් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවත් එම සිද්ධියෙන් පසුව අදාල සාමණේර හිමිනම ප්රතිකාර සඳහා හඳපානාගල දෙහිගස්හන්දිය ප්රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව වැඩිදුර ප්රතිකාර සදහා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
සාමණේර හිමිනම සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසියට දුන් කටඋත්තරයකට අනුව වැල්ලවාය පොලිසිය සූරියවැව පොලිසියට සිද්ධිය පිළිබඳව දැනුම් දී තිබේ. ඒ අනුව සූරියවැව පොලිසිය මෙම හිමිනම ඊයේ (18) සවස විහාරස්ථානයේ සිටියදි අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් හිමිනමට එරෙහිව ළමා අපයෝජන සිද්ධීන් සම්බන්ධ පැමිණිලි රැසක් පවතින බවත් මේ වන විටත් හම්බන්තොට මහාධිකරණය හමුවේ බාලවයස්කාර දැරියන් අපයෝජනය කිරීමට අදාළ නඩු දෙකක් විභාග වෙමින් පවතින බවත් පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. එමෙන්ම මෙම හිමිනම තණමල් ල්විල ප්රදේශයේ නිදන් හෑරිමකට අදාළ සිද්ධියකටද මීට පෙර අත්අඩංගුවට පත්ව තිබේ.
දිලීප් ජයසේකර
0 Comments