the-kerala-story

කේරළයේ කාන්තාවන් 32,000කට ඉස්ලාම් ආගමට හැරවීමට බලකෙරුණු බවත් ඔවුන් ISIS සංවිධානයට බැඳුණු බවත් ප්‍රකාශ කරන සුදිප්ටෝ සෙන් අධ්‍යක්ෂණය කළ 'The Kerala Story'(කේරළ කතාව) හින්දි චිත්‍රපටය මේ වනවිට ඉන්දියාවේ ආන්දෝලනයක් ඇති කරමින් ප්‍රදර්ශනය වේ.
 කාන්තාවන් කණ්ඩායමක් පිළිබඳ දිවයන කතාවේ ඉස්ලාම් ආගමට හැරුණු කාන්තාවක් වන ශලිනි උන්නික්‍රිෂ්ණන්, හෙදියක් වීමට අපේක්ෂාවෙන් සිටි දුෂ්කර ගමන විස්තර කරයි, ඇය නිවසින් පැහැරගෙන ගොස් අන්තවාදී කණ්ඩායම් විසින් බලහත්කාරයට ලක් කිරීමක් හා අවසානයේදී ඇය ISIS සංවිධානයට සම්බන්ධ වීමට සිදුවී අවසානයේ ඇෆ්ගනිස්ථානයේ සිරගත  වන්නීය.
කේරලයේ කාන්තාවන් දහස් ගණනක් ඉස්ලාම් ආගමට හරවා ISIS වෙත බඳවා ගන්නා බවට මෙමගින් කරුනු හෙළිකිරීම මත චිත්‍රපටයේ අන්තර්ගතය ගැන විරෝධතා මතුවිය.
පසුගිය මැයි 5 වැනි දින නිල වශයෙන් නිකුත් කරන ලදී. විචාරකයින්ගෙන් විවේචනාත්මක පිළිගැනීමක් මිශ්‍ර ලෙස ලැබෙමින්  ඇත.


‘ද කේරල ස්ටෝරි’ චිත්‍රපටය කිසිදු ගැටලුවකින් තොරව ඉන්දියාව පුරා ධාවනය වන විට එය බටහිර බෙංගාලයේ තහනම් කර ඇත. එසේ කිරීමට හේතුව කුමක්දැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) විමසා සිටියේය.තමිල්නාඩුවේ චිත්‍රපටය තහනම් කර නැතත්, නීතිය හා සාමය පිළිබඳ ගැටළු මත චිත්‍රපටය තිරගත නොකිරීමට සිනමාහල් හිමියන් තීරණය කර ඇති අතර, නිෂ්පාදකයින් කියා සිටියේ "එයද සැබෑ තහනමක්" බවයි.
විරුද්ධ පක්ෂය වන ඉන්දීය ජාතික කොංග්‍රසය සහ ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය මෙම නිර්මාණය " ලව් ජිහාඩ් " කුමන්ත්‍රණ න්‍යාය  ප්‍රවර්ධනය කිරීමක් බව කියමින් ඒ සම්බන්ධයෙන් විවේචනය කර ඇත.
බටහිර බෙංගාලය 'ද කේරල ස්ටෝරි' තහනම් කළ පළමු ප්‍රාන්තය වන අතර, ඔවුන් පවසන්නේ මෙය ප්‍රදර්ශනය නිසා "සාමය නැතිවීමට හේතු විය හැකි" බවයි.
'ද කේරල ස්ටෝරි' නිෂ්පාදකයින් විසින් බෙංගාල තහනම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබුණි.
"එහි දේහපාලනය චිත්‍රපටයේ කලාත්මක වටිනාකමට කිසිදු සම්බන්ධයක් නැත," අගවිනිසුරු විනිසුරු මඩුල්ලක් අදහස් දක්වා ඇත.
මේ ගැන තීන්දුවක් ගන්නට ලබන බදාදා නැවත අධිකරණය රැස්වේ.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයක් මේ සමග පළවේ.