ඊසානදිග ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයන් 54 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.
මනිපූර්හි Churachandpur, Imphal East, Imphal West, Bishnupur, Tengnoupal සහ Kangpokpi යන දිස්ත්‍රික්ක 6 ක ප්‍රධාන වශයෙන් ප්රචණ්ඩ හැසිරීම් වාර්තාවේ. පාරම්පරික ජනතාව පොලිසියට එරෙහිව ප්‍රහාර දියත්කරන අතර ගෙවල් ගිනිතැබීම් රජයේ දේපළ අලාබ කිරීම් රැසක්ද වාර්තා විය.
පුද්ගලයන් 10,000ක් පමණ අවතැන්ව ඇති අතර ප්රචන්ඩත්වය නතර කිරීමට රජය ඇඳිරි නීතිය වරින්වර පැනවීම් කර ඇත. මෙම ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ දේපළ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් මෙම ගැටුමට හේතුවී තිබේ.
විශාල රක්ෂිත වනයක් එළිපෙහෙලි කර ජනාවාස කරගෙන ජීවත්වූ කුකිවරුන් ඇතුළු ගෝත්‍රික කණ්ඩායම් වල නිවාස කඩා ඉවත් කරන ලෙසත් ඔවුන්ට අයිතිවාසිකම් කීමට හැකියාවක් නැති බවත් පවසමින් පසුගියදා නිකුත්වූ අධිකරණ නියෝගයකින් පසු මෙම ප්රචණ්ඩ ක්‍රියා හටගත්තේය.
ඔවුන් පවසන්නේ කාලයක් තිස්සේ ජීවත්වූ තම ජන කන්ඩායම්වල දේපළ අයිතිය තහවුරු කරන ලෙසය.Meitei ප්‍රජාවේ ඇතුළු ගෝත්‍රික කණ්ඩායම්වල එකතුවක් වන ආදිවාසී ගෝත්‍රික නායකයින්ගේ සංසදය (ITLF) මෙම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදී.
ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායමට ගෝත්‍රික තත්ත්වය ලබා දීමේ පියවරයන්ට එරෙහිව ආදිවාසී ප්රජාවන්ගේ රැලියකින් පසුව
මැරයෝ ගෙවල්වලට, වාහනවලට, පල්ලිවලට, පන්සල්වලට පහර දුන් අතර
දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමටත් අන්තර්ජාල ප්‍රවේශය අත්හිටුවන්නටත් ප්‍රාන්ත රජය පියවර ගත්තේය.
ඉන්දියාවේ ඊසාන දෙසින් මියන්මාර දේශ සීමාවට ආසන්නව පිහිටි මනිපූර් ප්‍රදේශයෙන් අසල්වැසි රාජ්‍යයන් සිය සිසුන් ඉවත් කිරීමද ආරම්භ කර තිබේ.
හමුදාව පවසන්නේ තමන් තත්ත්වය පාලනය කරමින් සිටින නමුත් ප්‍රාන්තයේ හින්දු-ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය ප්රමුඛ රජය ප්රචණ්ඩත්වය වැලැක්වීමට ප්‍රමාණවත් ලෙස කටයුතු නොකළ බවය.
ප්‍රාන්තයේ ජනගහනයෙන් අවම වශයෙන් 50%ක් වන Meitei ප්‍රජාවේ සාමාජිකයින්, වසර ගණනාවක් තිස්සේ උපලේඛනගත ගෝත්‍ර කාණ්ඩයට ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටිති.
0 Comments