wajira-abeywardana-speaks

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා එම පක්ෂය විසින් සංවිධානය කරන ලද මැයි දින සමුළුව අමතා මෙසේ පැවසීය.

"රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තිබුනා ජනාධිපති ධූරයට නුසුදුසුකමක්. ඒ තමයි සුදුස්සෙක්කු වීම. මැයි පළවෙනිදා කියන්නේ මේ පක්ෂේ නායකයෝ පාරේ මැරිච්ච දවස. වැඩිම අභියෝගවලට මුහුණදීපු පක්ෂය එකසත් ජාතික පක්ෂය. ජේ.ආර් ජයවර්ධන මැතිතුමාටත් පාර්ලිමේන්තුවේදී බෝම්බ ප්‍රහාරයක් ගැහුවේ මිය යන්න.

ඒ වගේම ප්‍රේමදාස මැතිතුමා මහපාරේ. ලලිත් ඇතුලත් මුදළි මහපාරේ. අපේ රටේ සිංහල දෙමල මුස්ලිම් 125කට වැඩිය මරු මුවට පත් වෙලා තියෙනවා.

ශ්‍රී ලංකාවේ වාසනාවට රට බංකොළොත් කියලා ප්‍රකාශයට පත් කලාට පස්සේ ඒ රට ගොඩගන්න පුළුවන් නායකයෙක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආරක්ෂා වෙලා හිටියා. ඔවුනට නැතිවෙච්ච පෙට්‍රෙල් ඩීසල් භුමිතෙල් ගෑස් පෝර ලාබාදෙමින් සියළු දෙනාට හඬනගන්න පුළුවන් අවස්ථාවක් රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික නායකත්වය උරුම කරලා දීලා තියෙනවා.

අනිත් දේශපාලන පක්ෂ කල්පනා කරනවා අපිට කුමක්ද වෙන්නේ කියලා. ඒක නිසා එතුමට භයයි. මුළු පාර්ලිමේන්තුවම එකම ආණ්ඩුවක් බවට පත් කරගෙන ක්‍රියාකරන්න. ඒකයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා දරන උත්සාහය. 2048 වෙනකොට ජය ගන්නවා වගේම රනිල් වික්‍රමසිංහ නැමති ජාතික නායකත්වයෙන් මේ රටේ ජාතික ප්‍රතිපත්තියක් උඩ වසර 12ක් එක දිගට පාලනය කරන්න අවශ්‍ය ශක්තිය වාසනාව ලැබේවා."