weater-report-may11

ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය ප්‍රකාශ කරන කාලගුණ විදයා දෙපාර්තමේන්තුව බෙංගාල බොක්කේ හටගන්නා සුළි කුනාටුවක් ගැන අනතුරු අඟවා ඇත. ඒ නිසා මුහුදු ආශ්‍රිත ජනතාවට අවදානයෙන් සිටින ලෙස දන්වා තිබේ.
එම නිවේදන පහතින්

2023මැයි මස 11 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

ගිනිකොණදිගබෙංගාලබොක්කමුහුදුප්‍රදේශයපැවති ගැඹුරු පීඩන අවපාතය තවදුරටත් ගැඹුරුපීඩනඅවපාතයක්ලෙස මැයි 10 වන දිනපැය 2330 වනවිට 10.80N සහ 88.20E ආසන්නයේ කේන්ද්‍රගත වී පැවතිණි. එය උතුරටබරව වයඹ දෙසට ගමන් කර ගිනිකොණදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේදී සුළි කුණාටුවක් දක්වාත්, ඉන්පසු මධ්‍යම බෙංගාල බොක්ක හරහා චණ්ඩ සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇත.

උතුරු අක්ෂාංශ 03 - 20 ත් සහ නැගෙනහිර දේශාංශ 85 - 100 ත් අතර මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ බහුදින ධීවර ප්‍රජාවන්ට දැනුම්දෙනු ලැබේ.

ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහහලාවතසිටපුත්තලම, මන්නාරම, මුලතිවුසහකන්කසන්තුරයහරහාත්‍රිකුණාමලයදක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලධීවර කටුයුතු වල යෙදෙන විට අවධානයෙන් කටයුතු කරන ලෙසද ඉල්ලා සිටිනු ලැබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
වැසි තත්ත්වය:
දිවයිනවටාවනමුහුදුප්‍රදේශවල විටින් විට වැසිහෝගිගුරුම් සහිතවැසිඇති වේ.
සුළඟ:
දිවයිනවටාවනමුහුදුප්‍රදේශවලසුළංනිරිතදෙසින් හමාඑනඅතරසුළගේවේගයපැ.කි.මී. (30-40)පමණවේ. ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වාවෙරළටඔබ්බෙන්වනමුහුදුප්‍රදේශවලසහහලාවතසිටපුත්තලම, මන්නාරම, මුලතිවුසහකන්කසන්තුරයහරහාත්‍රිකුණාමලයදක්වාවෙරළටඔබ්බෙන් වනමුහුදුප්‍රදේශවලසුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) දක්වා වැඩි විය හැක.
මුහුදේ ස්වභාවය:

ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වාවෙරළටඔබ්බෙන්වනමුහුදුප්‍රදේශසහහලාවතසිටපුත්තලම, මන්නාරම, මුලතිවුසහකන්කසන්තුරයහරහාත්‍රිකුණාමලයදක්වාවෙරළටඔබ්බෙන්වනමුහුදුප්‍රදේශ රළුවේ. දිවයිනවටාවනසෙසුමුහුදුප්‍රදේශතරමක්රළුවේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.



------------------
2023මැයි මස 11 දින සඳහා කාලගුණ අනාවැකිය

2023මැයි මස 11 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැක.

උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවලවිශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.