පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ පැවැති උත්තර ලංකා සභාගයේ මැයි දින රැළිය අමතා මෙසේ පැවසීය.
"සැඟවුණු කතාව කියන කෘතියෙන් සාක්ෂි සහිතව හෙළි කලේ. විද්දේ පදුරට වැදුනේ හාවට. ජූලි චන්ග් ට ටොක්ක අනින කොට ඌයියා වෙන්නේ ටිංටිංට. ඌයියා වෙන්නේ චම්පිකට, ඌයියා වෙන්නේ සරත් ෆොන්සේකට. ඒ තමයි එයාගේ නියම ගෝලයෝ ටික. ප්ලෑන් ඒ එක තිබ්බේ අන්තර කාලීන පාලනයක් අටවන්න දේශීය විදේශීය නියෝජිතයන් සමඟ.
තව බඩු ටිකක් හිටියනේ. දැන් බෙහෙතකටවත් හොයාගන්න නෑ. ඇයි ජූලි චන්ග් ඉන්නේ සටනෙ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ග්‍රීසිය හතර ගාතෙන් වට්ටලා ඉවරයි.
දැන් මේ ගොල්ලො හදනවා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න. පුද්ගලික අංශේ සේවකයට ඊ.පී.එෆ්, ඊ.ටී.එෆ් අරමුදළටත් හතර ගාතෙන් වැටෙන්න වෙනවා. නැති වෙනකොට සේවකයෝ ආයේ ආවේගශීලිව මේකට ප්‍රතික්‍රියා දක්වනවා.
මං දැක්කා ෂෝක් කාටූන් එකක්. ශ්‍රී ලංකාව නැමැති පුද්ගලයා නහයටත් වැඩිය වතුරේ ඉන්නවා. වළෙ එහා පැත්තෙන් බැකෝ එකක් ගෙනල්ලා වලේ එක කොනක් හාරනවා. ශ්‍රී ලංකාවේ වතුර ටික නහයට වඩා පල්ලෙහාට වතුර ටික එනවා. හැබැයි එයා දන්නෑ ඊළඟ මොහොතේ යන්නේ අර වතුර වැඩි ගොඩ එන්නම බැරි තැනට. IMF වල හාරලා වතුර මට්ටම වෙනස් කරලා පෙන්නුවා ඔන්න අපි උන්නා හැටියට මළා මදැයි තත්වයක් හදලා දුන්නයි කියලා.
සමහරු හිතාගෙන ඉන්නවා රනිල් මහත්තයා වැඩකාරයා.
විපක්ශේ ඉන්න සජබෙ කට්ටියත් කියනවනේ. අපි කියන්නේ යන්නෙ අපායට. අපේ රුපියල අසීමාන්තිකව පාගලා මිලින්ද මොරගොඩ ගෝඨාභය ජනාධිපතිට කිව්වා ඉන්දියාව දෙන්න නියමිත ඉතුරු සල්ලි ටික දෙන්නෙ නෑ රුපියල පා නොකලොත්. ඩොලර් අර්බුදයක් විතරක් නෙමෙයි රුපියල් අර්බුදයකුත් නිර්මාණය කරා. ඉන්දියාවේ රේගුවයි ලංකාවේ රේගුවයි එකට පූට්ටු කරන්න. එතකොට මේක අර්ථිකමය වශයෙන් ප්‍රාන්තයක් බවට පත් වෙනවා අපි නොදැනුවත්ව.
කෝ අර සී.අයි.ඒ ටොපි සීක්රට් මිෂන් එක ආවා අපි විතරයි කට ඇරියේ. කෝ ජනතා විමුක්ති පෙරමුණ කට ඇරියද? ඈ බං ටිංටිං කට ඇරියද? අපි පොතක් ලිව්වම කලබල වෙනවා."
0 Comments