30-year-jail

මරණ බවට තර්ජනය කර බිරිදගේ පළමු විවාහයේ බාලවයස්කාර දියණිය කෙළෙසීමේ චෝදනාවලට වරදකරුවූ දැරියගේ භාරකරුවා වශයෙන් සිටි සුළු පියාට වසර 30ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා දැරියට රුපියල් ලක්ෂ 5ක වන්දියක් ගෙවීමට ද නියම කළේය.

මව රාත්‍රී සේවයට ගිය අවස්ථාවේ දී ඇගේ පළමු විවාහයේ බාලවයස්කාර දියණියට මරණ බවට තර්ජනය කර කෙළෙසා ඇතැයි පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් විත්තිකරුට දැඩි දඬුවම් නියම කළ විනිසුරුවරයා රුපියල් 18,000ක දඩයකට ද ඔහු යටත් කළේය.



මීට වසර 08කට පෙර අවස්ථා කිහිපයක දීම මරණ බවට තර්ජනය කර බාලවයස්කාර දියණිය කෙළෙසා ඇති විත්තිකරු කළ නොමනා ක්‍රියාව හෙළි වී ඇත්තේ දැරිය ගැබිනියක වීම නිසා බව නඩු විභාගයේ දී හෙළිවිය.විත්තිකරු බාලවයස්කාර දැරියගේ භාරකරුවා වශයෙන් සිටිය දී මෙම අපරාධය කර ඇති බව පැමිණිල්ල විසින් කිසිදු සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි ද ඩී.එන්.ඒ. සාක්ෂි හා දැරියගේ සාක්ෂි මඟින් අපරාධකරු විත්තිකරු බව මනාව ඔප්පු වී ඇතැයි ද තීන්දු කළ විනිසුරුවරයා විත්තිකරුට නියම කළ වසර 30ක දඬුවම් කාලය වසර 15ක් තුළ ගෙවී යන අන්දමට ක්‍රියාත්මක කිරිමට ද නියම කළේය. විත්තිකරුට නියම කළ දඩ සහ වන්දි මුදල් ඔහුගේ සක්‍රීය එය අධිකරණයට වාර්තා කරන ලෙසත් විනිසුරුවරයා දැනුම් සිරදඬුවම් කාලය තුළ ගෙවිය යුතු බවත් එසේ නොවුවහොත් දුන්නේය.
 මනෝප්‍රිය ගුණසේකර