ජනාධිපතිවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව දින කිහිපයකට පසු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කළේය.

“පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යවා ඇති අතර එම ලිපියේ පිටපතක් මා වෙතද ලැබී තිබෙනවා. ඉල්ලා අස්වීමට හේතුවක් දක්වා නැහැ,” බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක කීය.

පුරාවිද්‍යා භූමියකට ඉඩම් ලබාදීමට අදාළ ගැටලුවක් සම්බන්ධයෙන් පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝජ්‍ය පොලිස්පතිවරයාට කතා කළේය.

ජනාධිපතිතුමා ඔහුගෙන් ඇහුවා"ඔයා මට ඉතිහාසෙ උගන්නන්නද හදන්නෙ? නැත්තං මම ඔයාට උගන්නන්න ඕනෙද?" පුරාවිද්‍යා භූමියක් සම්බන්ධ ගැටලුවක් සම්බන්ධයෙන් නිලධාරීන් ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී මෙම සිද්ධිය ඇති විය.

දින කිහිපයකින් ඔහු ඉල්ලා අස්විය.