Mother-19-year-old-killed-Titanic-swapped-son

ඛේදවාචකයකින් අවසන්වූ ටයිටන් යාත්‍රා පිපිරීමෙන් මිය ගිය යොවුන් වියේ පසුවූ සුලේමාන් ඩාවුඩ් තම රූබික් කියුබ් එක රැගෙන ගියේ ඔහුට ලෝක වාර්තාවක් පිහිටුවීමට අවශ්‍ය වූ නිසා බව ඔහුගේ මව බීබීසීයට පවසා තිබේ.ක්‍රිස්ටීන් ඩාවුඩ් නමැති ඇය තම සැමියා හා එකම පුතු නැති සොවින් මෙම විස්තර හෙළි කරන්නේ දියණිය සමග තනිවූ පසුවයි.
19 හැවිරිදි තරුණයා ගිනස් ලෝක වාර්තාවට අයදුම් කළ බවත් ඔහු තත්පර 12 කින් ඕනෑම රුබික් කියුබ් ගැටලුවක් විසඳන්නට දක්ෂයෙකු වූ බවත් කියන මව දියයට ගැඹුරුම ස්තානයකදී එවන් දස්කමක් කර ගිනස් පොතට යන්නට ඔහු ආසාවෙන් මේ ගමනට ගිය බව පවසා තිබේ.


 මියගිය දරුවාගේ පියා වන ෂාසාඩා ද එම අවස්ථාව ග්‍රහණය කර ගැනීමට කැමරාවක් රැගෙන ගියේ යයි ඇය පවසන්නීය.
යානය අනතුරට ලක්වන අවස්ථාවේ ප්‍රධාන නෞකාව සමග සම්බන්ධතා නැතිවෙද්දීත් මව සහ දියණිය  ප්‍රින්ස් නෞකාවේ සිටි අතර, ටයිටන් සමඟ සන්නිවේදනය නැති වී ඇති බව මුලින්ම දැනගත් පිරිස අතරට එක්විය.
"ඒ මොහොතේ එහි තේරුම මට වැටහුණේ නැත" ඇය පැවසුවාය.
ඇයගේ පළමු සම්මුඛ සාකච්ඡාවේදී ඩාවුඩ් මහත්මිය පැවසුවේ ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට තම සැමියා සමඟ යාමට තමාද සැලසුම් කර තිබූ නමුත් කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරය අවලංගු කළ බවයි.

ඩාවුඩ් මහත්මිය තම පුතා ගැන කතා කරමින්, සුලේමාන් රුබික් කියුබ් එකට කොතරම් ඇලුම් කළාද යත්, ඔහු එය සෑම තැනකම රැගෙන ගිය බවත්, සංකීර්ණ ප්‍රහේලිකාව තත්පර 12 කින් විසඳා නරඹන්නන් විස්මයට පත් කළ බවත් පැවසුවාය.

"ඔහු කිව්වා, 'මම ටයිටැනික් නැවේදී මුහුදට මීටර් 3,700 ක් පහළින් ඇති රුබික් කියුබ් විසඳන්න යනවා". කියලා.. ඇය පැවසුවාය.

සුලේමාන් එක්සත් රාජධානියේ ග්ලාස්ගෝ හි ස්ට්‍රැත්ක්ලයිඩ් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකි. බ්‍රිතාන්‍ය ජාතික ව්‍යාපාරික ෂාසාදා ඩාවුඩ් පාකිස්තානයේ ධනවත්ම පවුලක අයෙකි.


ඩාවුඩ් මහත්මිය පැවසුවේ තම සැමියා සහ පුතා ටයිටන් යානයට ගොඩවීමට පෙර ඔවුන් බදාගෙන විහිළු කළ බවයි.

"මම ඔවුන් ගැන ඇත්තටම සතුටු වුණා, මොකද ඔවුන් දෙදෙනාටම එය බොහෝ කාලයක් තිස්සේ කිරීමට අවශ්‍ය දෙයක් වෙලා තිබුණා," ඇය පැවසුවාය.

“මම හිතන්නේ අපි පැය 96 සීමාව පසු කරන විට මගේ බලාපොරොත්තුව නැති වුණා,” ඩාවුඩ් මහත්මිය පැවසුවාය.

සැමියා හා පුතු නැතිවීමෙන් දැඩි ශෝකයට පත් ඇය සෙනසුරාදා නැවත ශාන්ත ජෝන් වෙත ගිය අතර ඉරිදා ෂාසාඩා සහ සුලේමාන් වෙනුවෙන් අවමංගල්‍ය යාඥාවක් පැවැත්වූවාය.  පස්දෙනා වෙනුවෙන් ඉමාම් යාඥාවක් කළ බව ඩාවුඩ් මහත්මිය පැවසුවාය.