achchuweli-incident

තරුණියකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදා හැරියේ යැයි කියමින් පන්සියයක පමණ පිරිසක් නිරිවේලි ප්‍රදේශයේ පිහිටි තරුණයකුගේ නිවෙස වටලා ඊට පහර දෙමින් සිටිය දී පොලීසිය අහසට වෙඩි තබා පිරිස විසුරුවා හැරිය බව අච්චුවේලී පොලීසිය පවසයි.පිරිස පහර දීමෙන් තුවාල ලැබූ තරුණාය ද මුදාගෙන යාපනය රෝහලට ඇතුළත් කර ඇති බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක්  පැවැසීය.



සිද්ධිය පාලනය කිරීමට ගිය උප පොලිස් පරීක්ෂවරයකු ද එහි සිටි තුවාල ලබා රෝහල් ගත කර ඇත. පන්සියයක පමණ පුද්ගලයකු පහරදීමෙන් පිරිසක් වටලා පහර දෙන බවට පොලිස් 119 හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක්  මත රාත්‍රී ජංගම සංචාරයේ නිරතව සිටි අච්චුවේලි පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එහි අහසට වෙඩි තබා පිරිස විසුරුවා හැර ඇති බව පොලිසිය කියයි. පහර කෑමට ලක්ව ඇත්තේ තරුණියකගේ නිරුවත් ඡායාරූප මාධ්‍ය වෙත මුදා හැරිය බව කියන තරුණයෙකි.  අච්චුවේලී පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය