ajith-prasanna-4-year-prison

 අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත් විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්ත මහතාට අභියාචනාධිකරණය විසින් මාස 06 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබෙයි.



එම සිරදඬුවම අජිත් ප්‍රසන්න මහතා වෙනත් නඩුවක් නිසා දැනට ගෙවමින් සිටින වසර 04 ක සිරදඬුවම අවසන්වීමෙන් පසුව ක්‍රියාත්මක වන බවත් තීන්දුවේ සඳහන් වෙයි.



අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදී තිබේ.

විශ්‍රාමික යුධ හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තීරණය මත පසුගිය ජනවාරි  මාසයේ බරපතළ වැඩ සහිත වසර 04ක සිර දඬුවමකට යටත් කර තිබුණි. ඔහුට එම දඩුවම ලැබුනේ අධිකරණයට අපහාස කිරීමේ තවත් චෝදනාවකට වැරදිකරුවීම නිසාය.
2020 වසරේ ජනවාරි මස 19 වනදා මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක තීන්දුවක් විවේචනය කිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් අජිත් ප්‍රසන්නට එරෙහිව මෙම චෝදනා පත්‍රය නීතිපතිවරයා විසින් ගොනුකර තිබුණි.