
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට නැඟෙනහිර පළාතේ රාජකාරි භාරගෙන ඉන් පසුව තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කරන ලෙස ජාතික පොලිස් කොමිසම ඒ මහතාට උපදෙස් ලබාදී ඇත.
තමන් හිටි හැටියේම නැඟෙනහිර පළාතට මාරු කිරීම අසාධාරණ බව කයමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පොලිස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සාධාරණයක් ඉල්ලා සිටියේය.
එමෙන්ම එම මාරු කිරීම පිළිනොගැනීමට ද අජිත් රෝහණ මහතා කටයුතු කර තිබිණි.
නැඟෙනහිර පළාතට සිදුකළ මාරු කිරීම පිළිනොගැනීම නිසා අජිත් රෝහණ මහතා තාවකාලිකව පොලිස් මූලස්ථානයට අනුයුක්ත කරන ලදී.
Comments
Post a Comment
Your comment will be visible after approval