පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා තම ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දෙමින් විෂය භාර අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමුකර තිබීම මේ වනවිට ආන්දෝලනයට ලක්ව තිබේ.
මේ සඳහා හේතුව බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා ‘දන්නෙ නැත‘ යනුවෙන් සඳහන් කළද එය ජනපති හා පුරා විද්‍යා අධ්යක්ෂ අතර ඇතිවූ සංවාදයකින් පසු ඇතිවූ කලකිරීම මත සිදුව ඇති බවට වාර්තා පළව තිබේ.
මාධ්‍ය ඉදිරියේ පටිගත වෙමින් පසුගිය 9 වනදා සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළ නීති කෙටුම්පත් කිරීම් ගැන ජනපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී
අන්නිමුරුප්පු ඇතුළු පුරාවිද්‍යා ස්ථානවල පවතින ඉඩම් නිදහස් කරන දෙන ලෙස දෙමළ පක්ෂවල පිරිස් දිගින් දිගටම ඉල්ලීම් කරමින් තිබු නමුත් එම පුරාවිද්‍යා භූමි ප්‍රදේශ රැකගැනීමට අධ්යක්ෂවරයා ඇතුළු පුරාවිද්‍යා දෙපාර්තමේන්තු බලධාරීන් දැඩි උත්සාහයක් ගත් අයුරු දක්නට ලැබුණි.
එක් අවස්ථාවක ජනපති කියා සිටියේ ඔච්චර ලොකු ඉඩමක් පන්සලකට මොකටද මහා විහාරය ජේතවනයටත් වඩා ලොකු ඉඩමක්ද ඕන කරල තියෙන්නෙ යනුවෙනි.
මෙම සංවාදය අතරතුර ජනපති පුරා විද්‍යා අධ්‍යක්ෂකගේ මතයට දැක්වූ විරෝධය හා දැක්වූ දෝෂදර්ශනය මෙම ඉල්ලා අස්වීම පසුපස තිබෙන බව වාර්තාවේ.
පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා හා ජනපති අතර ඇතිවූ සංවාදයේ විඩියෝව පහතින්
0 Comments