පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතා පාර්ලිමේන්තු සභා ගර්භයේදී මෙසේ අදහස් දැක්වීය.
"කැසිනෝ සහ සූදු බදු සංශෝධන පනතක් අපි ඉදිරිපත් කරලා තියෙනවා රජය විසින්. නීති ප්‍රමාණවත් නැති නිසා මේවගෙන් ලැබෙන විශාල ආදායම අපිට අහිමි වෙලා තියෙනවා. පනතේ තියෙනවා ඇතුල් වීම සඳහා විදේශිකයන්ගෙන් ඩොලර් 100ක් ගන්නවා, ද
ේශීය කෙනෙක්ගෙන් ඩොලර් 5ක් ගන්නවා කියලා. මේකට නියාමනය කිරීමේ පනතක් අවශ්‍යයි. මුළු ලෝකෙම කැසිනෝ ව්‍යාපාරයේ වටිනාකම ඩොලර් බිලියන 57.5ක්. ලංකාවෙත් මේවා තියෙනවනේ දැන්. අපි රටක් හැටියට ලැජ්ජ වෙන්න ඕනා අපේ රටේ ව්‍යාපාරකරන කළු ව්‍යාපාර බවට පත් කරන්න රජයෙන් උදව් කරන එක ගැන.
කැසිනෝ ලංකාවේ අවුරුදු 20කට 25කට වැඩිය ක්‍රියාත්මක වෙනවා.
පාරේ ගියොත් අපිට පේනවා බෙටින් සෙන්ටර්ස් තියෙනවා. විදේශිකයින්ට පමණක් ඇතුල් වෙන කැසිනෝ ශාලා. ආණ්ඩුවට ලොකු වගකීමක් තියෙනවා. බිලියන ගනං හම්බකරනවා බදු ගෙවන්නෙ නෑ. විශාල සංචාරකයින්ගෙ විශාල මුදලක් හම්බකරනවා.
වැඩි කරලා තියෙන නිවාසවල, තත්වය වැඩි දියුණු කිරීමට මුකුත්ම වැඩ පිළිවෙලක් කරගෙන නෑ කියලා මට හිතෙනවා. අදාළ ඇමතිතුමයත් සාකච්ඡා කරලා මේ මුදලෙන් අඩු ගානේ 10%ක ප්‍රමාණයක්වත් ආණ්ඩුවට යන එකෙන් මේවා වැඩි දියුණු කිරීම සඳහා ලබාගෙන ක්‍රියා නොකොලොත් මං හිතන්නෙ සුදුසු නොවන බවයි."
0 Comments