ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 මැයි  මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය  අද ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව 2023  අප්‍රේල්  මාසයයේ දී 33.6 % ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2023  මැයි  මාසය සදහා 22.1%ක් දක්වා පහත වැටී ඇත.
2023  අප්‍රේල්  මාසයයේ දී 27.1 % ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) ද 2023  මැයි  මාසය සදහා 15.8 %ක් දක්වා පහත වැටී ඇත.
 එමෙන්ම, අප්‍රේල් මාසයේ දී 39.0%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) ද මැයි  මාසයේ දී 27.6%ක් ලෙස සැලකිය යුතු අගයකින් පහත වැටී ඇත.



ආහාර කාණ්ඩය සැළකූවිට අළුත් මාළු, එළවළු, සීනි, කුකුළු මස්, මයිසූර් පරිප්පු, අර්තාපල්, ඉඟුරු, සුදුළූණු, ලොකුළූණු, දෙහි, කරවල සහ ටින්මාළු වැනි  ආහාර ද්‍රව්‍යවල සැලකිය යුතු  මිලෙහි වැඩිවීමක් සහ අළුත් පළතුරු, කිරිපිටි, සහල්, පොල්, මිරිස්කුඩු, පොල්තෙල්, සාමාන්‍ය පාන්, බිත්තර, අමුමිරිස්, වියළි මිරිස්, කහකුඩු, කවුපි සහ රතුළූණු වැනි  ආහාර ද්‍රව්‍ය වල මිලෙහි අඩුවීමක්  ප්‍රධාන වශයෙන් වාර්තා වී ඇත.

මේ පිලිබඳ වැඩි දුර විස්තර  සටහන පහතින්