
ශ්‍රී ලංකාවට ආනයනය කරන කරවල, හාල්මැස්සන් සහ ඇතැම් පලතුරු තොගවල විශාල වශයෙන් බැර ලෝහ සහ ආසනික් අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශය කළ සමීක්ෂණයකදී අනාවරණය වී ඇත.
ආනයනික පලතුරු තොගවල බැර ලෝහයක් වන ලෙඩ් විශාල වශයෙන් අඩංගු යැයිද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය සිදුකළ 2021-2022 ජාතික ආහාර සුරක්ෂිතා සමීක්ෂණයේදී හෙළිවී තිබේ.
ඒ අනුව ආනයනය කරන කරවල, හාල්මැස්සන් සහ පලතුරු තොග ජුනි (1) සිට පරීක්ෂා කිරීමටත් ඒවායේ බැරලෝහ හා ඊයම් ප්‍රතිශතය පරීක්ෂා කිරීමත් අනිවාර්ය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මේ සම්බන්ධයෙන් වෙළෙඳුන්ට සහ පරිභෝගිකයන්ට දුරකතන අංක 0112112718 ඔස්සේ වැඩි විස්තර දැන ගැනීමට හැකිය.
රංජන් කස්තුරි
Comments
Post a Comment
Your comment will be visible after approval