එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පැවති මාධ්‍ය හමුවකදී තිලංග සුමතිපාල මහතා මෙසේ පැවසීය.

"අස්වැසුම ව්‍යාපෘතියේ සොයා ගැනීම නිවැරදි නෑ. මේක පැහැදිලිවම මේ රජයේ තවත් වැඩක් කරන්න ගියාම ඒකේ නොහැකියාව පිළිබිඹු වන කතාවක්. ඒ වගේම සමහර පළාත් පාලන ආයතන වල බහු ආසන හැටියට කඩලා තියෙනවා ඒවා වැරදියි. අපි දැඩි විරෝධය අකමැත්ත ප්‍රකාශ කරනවා.



රජයට ජන මතයක් නැති බව දන්න නිසා ආණ්ඩුවේ ඉන්න අය හිටපු අයත් එක්ක දේශපාලන දහරාවක් ඉදිරියට ගෙනිහිල්ලා දේශපාලනය කරන්න තමන්ගේ නියෝජිතයන්ව රැක ගන්න උත්සහය. ජනාධිපතිතුමා මැදිහත් වෙලා මැතිවරණය අවහිර කරා. එහෙම කරපු එකේ උත්සහ ගන්නවනම් නැවතත් හිටපු අයටම බලය දෙන්න එකේන් කරන්න හදන්නෙත් බිලියන එකාමාරක් විතර මාස් පඩිය වැඩිකරගන්න. මේ හදන්නේ ඉදිරියට පාර්ලිමේන්තු මැතිවරණය හෝ ජනාධිපතිවරණයටත් මේ මාර්ගෙම ගිහිල්ලා කල් දාගන්න පුළුවන්ද කියලා.



ඉස්සෙල්ලාම කරන්න තිබුනේ ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යූහගත කිරීම, රටවල් අතර ගන්නා ලද ණය සකාච්ඡා කරලා අඩු කරගැනීමත් යන ආදී වශයෙන් කටයුතු කිරීම. අපිට පැහැදිලිවම පේනවා ජාත්‍යන්තර ණය අපිට දීපු අයත් එක්ක සාකච්ඡා කරලා 50% කට වගේ ප්‍රමාණයක ඒ අයගේ ණය අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා."