aswesuma-instead-of-samurdi
සමෘද්ධි මූල්‍යාධාර වෙනුවට ලබන මාසයේ සිට අස්වැසුම ක්‍රියාත්මක වන අයුරු රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ  මෙසේ පැහැදිලි කරයි

 අපි විශේෂයෙන්ම බලාපොරොත්තුවෙන්නේ ජූලි මාසයේ ඉඳලා සමාජ සුභසාධන ප්‍රතිලාභ දීමනා ලබාදීමේ ක්‍රමවේදය සෘජුවම ප්‍රතිලාභියාගේ ගිණුමට බැර කරන ආකාරයට කටයුතු කරන්න. විශේෂයෙන්ම මේ වැඩසටහන ක්‍රියාත්මක වීමත් සමඟම විවිධ සාවද්‍ය මත සමාජගත කරන්න උත්සාහ කරා



අපි එක පැත්තකින් දැනට ක්‍රියාත්මක සමෘද්ධි දෙපාර්තමේන්තුව අහෝසි කරන්න කටයුත්තක් මේ කරන්නේ කියලා. සමෘද්ධි බැංකු පද්ධතිය අහෝසි කරන්නයි මේ කටයුතු කරන්නේ කියලා. ඒ කිසිම ආකාරයක දෙයක් මෙහි සිදුවන්නේ නෑ. සමෘද්ධි බැංකු පද්ධතියත් මේ මුදල් ලබා ගන්න තැනට  නෙමෙ කෑෂ් ට්රාන්සර් එක ඔවුන්ටත් ඔවුන්ගේ බැංකු පද්ධතියක් භාවිතා කරන්න පුළුවන් ආකාරයට එය නියාමනයකට මහ බැංකුවේ නියාමනයට ලක් කිරීමට අවශ්ය මූලික කාරණා මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා.

සමෘද්ධි දෙපාර්තමේන්තුවෙන් ඔවුන් මෙතෙක් සිදු කරපු මේ මූල්‍ය ආධාර ලබාදීම පමණයි ඉවත් වෙන්නේ.

අපි මේ අවස්ථාවේ මෙම ආධාර දෙන්න තෝරාගැනීමේ ක්‍රියාවලිය ඉතාම නිවැරදිව විනිවිද භාවයකින් විශේෂයෙන්ම කාරණා විසි දෙකක් පදනම් කරගෙන කරනවා. ඒක  දිස්ත්රික් ලේකම්වරුන්ගේ සහ ප්රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ සිදුකරනවා.


 ඒ අනුව අපි විශ්වාස කරනවා මේ තෝරාගැනීම සිදු වෙලා තියෙන කණ්ඩායමට අද සිට මෙම නාමලේඛනය ප්‍රසිද්ධියට පත්කිරීමත් සමගම දින දහයක කාලයක් ලැබේවි. අභියාචනා හෝ පැමිණිලි ඉදිරිපත් කරන්න. ඒ අනුව දිස්ත්රික් ලේකම්වරුන්ගේ මෙහෙයුම යටතේ එම අභියාචනා හෝ පැමිණිලි සලකා බැලීමක් සිදු කරලා තව දුරටත් සුදුසු කණ්ඩායම තෝරා ගැනීම සිදු කරයි.