
රත්නපුර අයගම පොලිස් වසමේ මුණිහින්කන්ද ප්‍රදේශයේ පිහිටි නිවස අසලදී තම පුතා ඝාතනය කර ඇති බව අහම්බෙන් දුටු මවක කළ පැමිණිල්ලක් අද උදෑසන වාර්තා විය.
විවාහයෙන් වෙන්වී තනිවම නිවසේ පදිංචිව සිටි පුතු සම්බන්ධයෙන් සොයා බැලීමට ඔහුගේ මව එම නිවසට ගොස් ඇති අවස්තාවේ එහිදී තම පුතා නිවස අසල වතුර කරාමයක් ආසන්නයේ කැපුම් තුවාල සහිතව මියගොස් සිට ඇත.
උදෑසන කාලයේදී අයගම පොලිස් ස්ථානයට එම පුද්ගලයාගේ මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අයගම පොලිසිය මඟින් විමර්ශන ආරම්භ කර ඇත.
සියගොස් ඇත්තේ වයස අවුරුදු 26 ක් වන මුණිහින්කන්ද, ගවරගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත දේහය පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේ ඇති අතර සිද්ධිය සම්බන්ධ මහේස්ත්‍රාත් පරික්ෂණය පැවැත්වීමට නියමිතය. අපරාධය සිදු කළ පුද්ගලයින් සම්බන්ධව තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අයගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval