bandaragama-accident

ඊයේ (22) අලුයම යුද හමුදා බස් රථයක් ස්කූටි වර්ගයේ යතුරුපැදියක ගැටීමෙන් තුන් හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බණ්ඩාරගම පොලීසිය පවසයි.

බස් රථය බණ්ඩාරගම සිට කැස්බෑව දෙසට ධාවනය කරමින් සිටි අවස්ථාවේ බණ්ඩාරගම සමුපකාර සමිති ප්රධාන කාර්යාලය ඉදිරියේ දී මෙම අනතුර සිදුව ඇත.
දැරියගේ මව දැරිය සමග සමුපකාර සමිති ප්රධාන කාර්යාලයට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
අනතුරත් සමග ප්රදේශවාසින් විසින් බස් රථයේ රියදුරුට පහර දී ඇති අතර රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
මව සහ දැරිය දෙදෙනාම රෝහල් ගත කර ඇති අතර ඒ වන විටත් දැරිය ජීවිතක්ෂයට පත්ව තිබූ බව රෝහල සඳහන් කරයි.


අනතුරින් මියගොස් ඇත්තේ රයිගම කැලේ කඩේ පාර ප්‍රදේශයේ පදිංචිව සිටි ඉසදි දෙනෙත්මා සපුගේ නැමැති සිඟිත්තියකි.
බණ්ඩාරගම සමුපාකාර සමිති ප්‍රධාන කාර්යාලයේ ගණකාධිකාරිවරිය වන මියගිය දැරියගේ මව දැරිය සමඟ කාර්යාලය වෙත පැමිණෙමින් සිටියදී එම සමුපාකාර කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ දී මෙම අනතුර සිදුව තිබුණි.
බස් රථය බණ්ඩාරගම සිට කැස්බෑව දෙසට ධාවනය වීමේ දී බණ්ඩාරගම සමුපාකාර ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී මාර්ගයේ දකුණු පසින් අපරික්ෂාකාරී ලෙස ධාවනය වී මාර්ගය මැදදීයතුරුපැදියේ  ගැටී අනතුර සිදුව තිබේ .‍

අනතුර සමඟ වහා ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් බරපතළ තුවාල ලබා සිටි දැරිය සහ මව බණ්ඩාරගම දිසා රෝහල වෙත රැගෙන විත් තිබූ අතර ඒ වන විටත් දැරිය ජීවිතක්ෂයට පත්ව තිබූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
දැරියගේ මව අධික කම්පන තත්ත්වයට පත්ව ඇති අතර, බණ්ඩාරගම දිසා රෝහලේ ගිලන් රථයක් මගින් පානදුර මූලික රෝහල වෙත යොමුකිරීමට පියවර ගෙන තිබේ.
අනතුර සමගම ප්‍රකෝප වූ ප්‍රදේශවාසීන් බස් රථ රියදුරුට පහර දී ඇත.
දැරිය පැලඳගෙන සිටි ආරක්ෂක හිස්වැස්ම කැබලි බවට පත්ව අනතුර සිදු වූ ස්ථානයේ වැටී තිබූ බවද පොලීසිය පැවසීය. බස්රථයේ රියදුරු බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. CCTV Below