china-monkey-issue-closed

චීනයට මෙරටින් රිලවුන් ලක්ෂයක් යැවීම නතර කිරීමට තීරණය කර ඇතැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අභියාචනාධිකරණයට ඊයේ (26) දැනුම් දුන්නේය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සොලිසිටර් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය ජනරාල් මනෝහර ජයසිංහ මහතා මෙම දැනුම්දීම කළේ මෙම සිද්ධිය සම්බන්ධව පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ඊයේ සලකා බැලූ අවස්ථාවේ දීය.

මෙම රිට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර්. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

වනජීවි සංවිධාන 36ක් විසින් ගොනුකරන ලද මෙම රිට් පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් වනජීව සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කියා සිටියේ මේ පිළිබඳ ලිඛිතව දැනුම් දෙන ලෙසයි. ඒ අනුව මෙම පෙත්සම ජුලි 6 වන දින සලකා බැලීමට කල් තැබිණි. පරීක්ෂණ කටයුතු සඳහා මෙරටින් රිළවුන් ලක්ෂයක් චීන රජයේ පෞද්ගලික සමාගමකට ලබා දීමට ගෙන ඇති තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර සංවිධානය සිය රිට් පෙත්සමෙන් ඉල්ලා ඇත.

රංජන් කටුගම්පොළ