cricket-world-cup-qualifuers-2023

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ A කාණ්ඩය යටතේ තරග වැදුණු බටහිර ඉන්දීය කොදෙව්, නෙදර්ලන්තය සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම් සුපිරි 6 දෙනාගේ වටයට දැනටමත් තෙරීපත් ව ඇත.
මෙම තරගාවලියට එක්වන්නට බැරිව සුදුසුකම් නොලබා නිවෙස් වෙත යන්නට A කාණ්ඩය යටතේ තරග වැදුණු නේපාලය සහ අමෙරිකාවට සිදුව ඇත. B කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඕමානය, අයර්ලන්තය සහ ස්කොට්ලන්තය තරග වදින අතර

දැනට ලකුණු ලබා ඇති ආකාර අනුව අයර්ලන්තය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඉවත්වීමට සිදුවනු ඇත.
බී කාන්ඩයේ ඉදිරියෙන්ම සිටිනුයේ ශ්‍රී ලංකාවයි. ඕමානයට සහ ස්කොට්ලන්තයටද ඊළඟ වටයට යාමට හැකිවනු ඇත.
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටය සිම්බාබ්වේ හි පැවැත්වේ.
එම තරග කාණ්ඩ 02ක් යටතේ කණ්ඩායම් 10ක් ඉදිරිපත්ව සිටින අතර එම තරගාවලිය පසුගිය 18 වනදා සිට හරාරේ සහ බුලවායෝ හිදි පැවැත්වේ.