damitha-speaks

උසාවියේ නඩු කටයුත්තක් සදහා පැමිණි ප්‍රවීණ නිළි දමිතා අබේරත්න මහත්මිය අරගලය හා එම අරමුදල ගැන පවතින කතාබහ ගැන මෙසේ කියා සිටියාය.



මට නම් අරගලේට කවුරුත් සල්ලි දුන්නේ නෑ. මගේ අතේ තිබ්බ සල්ලි ටිකත් නාස්ති වෙච්ච තමයි මං කරගත්තේ. අරගලයට ඇවිල්ලා මේ පේනවනේ රස්තියාදු වෙන හැටි. මේ අරගලය කරලා හම්බ කරගත්ත දේවල් තමයි මේවා.අපි හොරු එලවන්න අරගල කරන්නේ.
තමුං ආදර්ශමත් නොවී රටක හොරු එලවන්න කියලා අරගල කරන්න පාරට බහින්න බෑ. අපි හොරු නම් ඒ අරගලයට උදව් කරපු මිනිස්සු ඉන්න ඕන තරම් මගේ ෆේස්බුක් එක බැලුවනම් අරගලයට උදව් කරපු වතුර බෝතලයක් කරන්න අරන් දීපු කන්න අරන් දීපු සියලු දෙනාගේ නම් මේකේ තියෙනවා.

ඉතින් එහෙම අරගලයට ඔය පාට පක්ෂවල හිටපු ඔක්කොම උදව් කරා එහෙම නම් ඒ ඔක්කොම මුදල් ආව විදිහ ඔක්කොම හොයන්ඩ.
ඉතින් මෙහෙමයි ඔය තක්කඩි පල් හොරු ටික මේ රටම විනාශ කරපු විදිහ යන්නකො ඔච්චර අරගලය ගැන කතා කරන අරගලයක් නිසයි අද පෝලින් ටික නැතිවුනේ අද රටේ මිනිස්සුන්ට සල්ලි වැඩිපුර දීලා හරි ගන්න බඩු ටික තියෙන්නේ ඒ හින්දා නෙවෙයිද?
දෙයියනේ මේ අරගල කරපු මිනිස්සුන්ට සැලියුට් කරන්න ඕනේ. හරිනම් රටක අරගල කරපු මිනිස්සුන්ට අපහාස කෙරෙන මොන මොන රටක්ද මේ.
 දැන් අරගල කරපු අය හිරේ දාද්දි මේ රටේ බඩගින්න වෙනුවෙන් පාරට බැහැපු අපි වෙනුවෙන් රටේ මිනිස්සු ආවද අපි බලාපොරොත්තු වෙන්නේ එහෙම. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ සිංහල දමිළ, මුස්ලිම් බර්ගර් කියන මේ සියලු ජාතීන්ට තමාගේ මානව හිමිකම් මූලික අයිතිවාසිකම් රැකෙන රටක්. අපි බලාපොරොත්තු වෙනවා.



මේ තක්කඩින්ට විරුද්ධව අපිට කතා කරන්න පුළුවන්. අපි හොරු නම් එහෙම බෑ. අපි හොරු නෙවෙයි අපි හොරු නෙමෙයි නිසා තමා අපි දැනුත් කියන්නේ පල් හොර තක්කඩි ටික අල්ලන්න කියලා.

මම හැමදාම කියනවා හැමදාම කියනවා අරගලය කෙරේ. අපි හැමෝම බහුතරයක් නිර්පාක්ෂිකව. හැබැයි නිර්පාක්ෂිකයි කියන එක ඇතුලේ මේ රටේ මිනිස්සුන්ට පක්ෂයක් නෑ කියලා නෑ.
ඒක මගේ අයිතිය මම මගේ අවශ්ය පාට පක්ෂ තෝරගන්නෙ කවුරුත් ආරාධනා කරලා කවුරුත් කාගේවත් බලපෑමකින් නෙමෙයි. මගේ කැමැති මට මේ රටට යමක් කරන්න ඕන.
රටට යහපතක් වෙනවා දකින්න ඕනේ ගුණයහපත් මිනිස්සු, යහපත් නායකයෙක් පත්කර ගන්න ඕන. ඒක තමයි මං සජිත් ප්රේමදාසගේ පක්ෂයට සහය දුන්නෙ.