dan-priyasad

ඩෑන් ප්‍රියසාද් මාධ්‍ය වෙත මෙසේ පැවසීය.

"ආගමක් ජාතියක් ජන්මයක් නැති අයට කිව්වෙ කල්ලතෝනියෝ කියලා. ඔය පුද්ගලයෝ යම් යම් සම්බන්ධතා පවත්වනවා තමන්ගේ සොයුරියොත් එක්ක, තමන්ගේ කුසෙන් වදාපු මවත් එක්ක. අද මේ තත්වෙට මේ රට ගෙනාවේ සමාජ මාධ්‍ය. සමහර මිනිස්සු හිතන් ඉන්නවා ඒගොල්ලො තමයි මේ රටේ ඉන්න දැවැන්ත පොරවල් කියලා. ලකයි සිකයි ගත්තම දැන් අඬනවා. නතාෂගේ ප්‍රෝග්‍රෑම් එකේ ලකයි සිකයි හක හක ගාලා හිනා වෙලා ඉවර වෙලා ඕස්ට්‍රේලියාවේ ඉදන් වීඩියෝ දාලා කියනවා අපිට මරණ තර්ජන. මෙන්න මේ යූටියුබ් කසඩ කාරයෝ ටිකව මේ අයගේ යූටියුබ් චැනල් වලින් ඉවත් වෙන්න ඕනේ හැමෝම.



අපි නම් ජාතිවාදී. හැබැයි අපි අන්තවාදියෝ නෙමෙයි. බුදු හාමුදුරුවන්ගේ චරිතය විවේචනය කරන්න යනවනම්, බුදු දහමට අපහාස කරන්න යනවනම් අන්න ඒකට විරුද්ධව කතා කිරීමේ අයිතියක් මට තියෙනවා. භාෂණයේ නිදහස තියෙනවා කියලා ආගමට අපහාස කරන්න ශාස්තෲන් වහන්සේලාට අපහාස කරන්න කොහෙවත් අයිතියක් නෑ. මේ අය දැන් බලන්නේ ආගම් විවේචනය කරන්න අයිතියක් දෙන්න ඕනේ, බෞද්ධ ආගමට තියෙන ප්‍රමුඛස්ථානය ඉවත් කරන්න ඕනේ. මේකට තමයි මේ පාර කපාගෙන එන්නේ.

නිරාගමිකයිනම් තමන්ට පුළුවන් ආගමක් අදහන් නැතිව ඉන්න. සමාජ මාධ්‍ය තුළ බලන්න, නිරාගාමික සංසදය, නිරාගාමික තරුණයන් ඔහොම කියලා ගෲප් හදාගෙන මේ අය මේ බුදු දහමට අපහාස කරනවා. මේ නිරාගමික බොහෝ අය එක ආගමක් අදහනවා. කතෝලිකයන් සහ බෞද්ධයන් අතර තියෙන ඒ ලෙන්ගතුකම විනාස කරන්න එපා කියලා කියලා විශේෂයෙන්ම අපි කියනවා."