dehi-ovita-incident


දෙහිඕවිට – කනන්ගම ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.


නීති විරෝධී මත්පැන් අලෙවි කරන නිවසකට පැමිණි පුද්ගලයෙකු මත්පැන් ඉල්ලා සිටි අවස්ථාවේ නිවෙස් හිමියා සමග

ඇතිවූ බහින්බස් වීමකදී මියගිය පුද්ගලයා නිවෙස් හිමියාට පහර දීමට උත්සහ කර ඇති අතර ඒ අවස්ථාවේ සැකකරු විසින් එම පුද්ගලයාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර නිවස පිටුපස ඇති ඇළට දමා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ.

මියගිය පුද්ගලයා 26 හැවිරිදි කනන්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් 57හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.