dehiwala-zoo-birthday

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ 87 වන සංවත්සරය ජූලි මස 03දාට යෙදී ඇත. ඒ නිමිත්තෙන් අද (30) සිට වැඩසටහන් රැසක් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මඟින් සැලසුම් කර තිබේ.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ 87 වන සැමරුම් උත්සවයේ සමාරම්භක උත්සවය ජූලි මස 03 දා වනජීවී වන සංරක්ෂණ ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී පැවැත්වෙන අතර වයස අවුරදු 12ට අඩු ළමයින්ට එඳින සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව හිමි වන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා පවසයි.

සතුන්ට ඔවුන් කැමැති කෑම වර්ග ලබා දෙමින් එදින දවස පුරා විනෝදාත්මක ක්‍රියාකාරකම්වල නිරතවීමට ද කරමන්නන්ට අවස්ථාව හිමි වන බව ද ප්‍රේමකාන්ත මහතා කියයි.

දෙහිවල සත්වෝද්‍යානයේ අලුතෙන් ඉදිවුණු 'සිංහ අරණ' විවෘත කිරීම, ජාතික සත්වෝද්‍යානයේ පැරණිතම සේවකයන් 10කට සමරු තිළිණ ප්‍රදානය ඇතුළු වැඩසටහන් රැසක් ද එදින පැවැක්වීමට කටයුතු සංවිධාන කර තිබේ. එමෙන්ම ජූලි මස 06දා සත්වෝද්‍යාන කාර්ය මණ්ඩලය වෙනුවෙන් ආයුර්වේද වෛද්‍ය සායනයක් ද, 07දා දන්ත සායනයක් ද, 11දා අක්ෂි වෛද්‍ය සායනයක් ද පැවැත්වීමට සැලසුම් කර ඇත.

දෙපාර්තමේන්තුවේ සේවය කළ දැනට මියගොස් සිටින කාර්ය මණ්ඩලයට සහ සත්වෝද්‍යානයන්හි මියගිය සතුන්ටත් පින් පැමිණවීම පිණිස අද (30) ලේ දන්දීමේ පින්කමක් සංවිධාන කර තිබේ.
ජාතික සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරුන් විසින් බාහිර සතුන්ට ප්‍රතිකාර සඳහා පවත්වන සත්ත්ව වෛද්‍ය සායනයක් ජූලි මස 01 දා දෙහිවල ඇස්. ද. ඇස්. ජයසිංහ විද්‍යාලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.