dengue-deaths-27

මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනාධිපති ඩෙංගු මර්දන විශේෂඥ කමිටුව පවසයි.
එහි සභාපති, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය සඳහන් කළේ, වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 47000 ක් වාර්තා වී ඇති බවයි.





වාර්තා වන රෝගීන්ගෙන් 75% ක්ම වයස අවුරුදු 15 ට වැඩි පුද්ගලයින් ය.

ජනාධිපති ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේ, ඩෙංගු උණ මීට පෙර කුඩා ළමුන් අතර බහුලව පැවතියත්, වර්තමානය වනවිට තරුණයින් වැඩි වශයෙන් ඊට ගොඳුරු වන බවයි.

මේ අතර , මෙම සති අන්තයේ කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ මදුරු මර්දන විශේෂ වැඩසටහනක් ද ක්‍රියාත්මක වෙයි.

ජනාධිපති ඩෙංගු මර්දන විශේෂඥ කමිටුව සඳහන් කළේ, එම වැඩසටහනෙන් අනතුරුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සතියක් පුරා කීට පරීක්ෂාව සිදු කෙරෙන බවයි.