එක්සත් ජාතික ස්වයං රැකියා කාන්තා සංවිධානයේ සභාපතිනී ධම්මිකා රණසිංහ මහත්මිය පැවැති මාධ්‍ය හමුවකදී මෙසේ පැවසුවාය.
"බල්ලො බළල්ලු ගානට ආයෙත් මිනිස්සු මැරෙන්න පටන් අරන්. ලොකේ වැඩිම සංඛ්‍යාවක් ඇමතිවරු ඉන්නෙත් අපේ රටේ. දැන් ලංකාවේ හැමතැනම වෙනවනේ මිනී මැරුම්. බස්නාහිර පළාතයි දකුණු පළාතයි කප් ගහලා ඉන්නේ. මේවා සෙල්ලම් තුවක්කුද? ඇයි මේව ගැන විමර්ශනයක් කරන්න කවුරුත් නැත්තේ. මොනාටද මේ ඇමතිවරු? අන්තිමට ජනාධිපතිතුමා විතරක් ඉතුරු වෙයි.
රජයක් වැඩිපුරම වියදම් කරන්නෙ රාජ්‍ය ආරක්ෂාවට. මේ රජය මනුස්සයන්ව ආරක්ෂා කරනවද? ආරක්ෂාව බල්ලට ගිහිල්ලා. ලංකාවේ ගුරුවරු භාගෙට භාගයක් දැන් විදේශගත වෙලා ඉන්නේ. මේ රටට යන කල මොකක්ද? ඇමතිගොල්ලො විතරක් දියුණුවෙන් දියුණුවට පත් වෙනවා හොඳට පේනවා. ගෝඨාභය රාජපක්ෂ හිටපු කාලේ මහජන ආරක්ෂාවක් තිබ්බා. දැන් මේ ගැන විදේශිකයෝ කල කිරීමේ ස්වභාවයකට පත් වෙනවා. ජනාධිපතිතුමා ඔබ කරන්නෙ වන්මෑන් ශෝ එකක්. ඔබතුමාට සහයෝගයක් නැත්තම් ඇයි කියලා බලන්න."
0 Comments