dias-nangi-dhammika-paniya

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ බෙහෙවින් ජනප්‍රියත්වයට පත්ව තිබෙන 'ඩයස්' ගීතය යූටියුබ් තුළ මිලියන 5 ක ආසන්න නැරඹුම් වාර්තා කර තිබේ.මේ දක්වා විශාල ප්‍රසිද්ධියක් නොතිබුණ 'ෆ්‍රීස්' සංගීත කන්ඩායම මේ ගීතය නිසා දැන් ජනප්‍රියත්වයට පත්ව තිබේ.
මෙම ගීතයේ විශේෂත්වය පද වැල තුළ හා රූප රචනය තුළ කැපී පෙනෙයි. ගීතයට අනුභූති වන්නේ පාසල් මිතුරා මනාලයා බවට පත්වූ මංගල උත්සවයක මනාලයාගේ නංගීගේ ලස්සණ දැකගන්නට ලැබෙන මිතුරාට ඇය හා යාළුවෙන්න පිළිබඳ සිතක් පහළවීමේ සංසිද්ධියයි.


ගීතය සඳහා පසුගිය කාලයේ අරගලය සමයේ සමච්චලයට ලක්වූ 'ඩයස් මී'  ඇසුරින් ඩයස් ලෙස මනාලයා හඳුන්වා තිබීමත් ගෝඨා සමයේ විවේචනයට ලක්වූ, 'ධම්මික පැණිය' අර්ථයකින් තොරව ගීත රචනයට ඔබ්බවා තිබීමත් අමුතු ආකර්ෂණයක් ලබාදී ඇත.
ගීතයේ රඟපාන්නේ සංගීත කණ්ඩායමේ සාමාජිකයින් ශනුද්‍රි ප්‍රියසාද් සහ විකට ජවනිකා සඳහා ප්‍රකට නළු නිළි පිරිසකි. ඩයස්ගේ නංගී ලෙස ශනුද්‍රි කොල්ලන් අවුස්සන අභිනයක යෙදෙයි. ජිප්සීස් සුනිල්ගේ ගීත සිහිගන්වන කතන්දරයක් සමග රංගනයක් නිසා ගීතය ඉක්මණින් ජනප්‍රිය වී තිබෙයි.
ගීතයේ පදවැල පහතින්. යූටියුබ් වීඩියෝව ඊට පහතින්



ඉස්කෝලේ යාලුවෙක් මේ ලගදී බැන්දේ
සූට් එකක් දාගත්තේ කාලෙකට පස්සේ
ලස්සන කෙල්ලෙක් දැක්කා
කොක්ටේල් එක මැද්දේ

අර ඩයස්ගේ නංගිද - බුදු අම්මෝ ලස්සන
ඈ නම් සුර අඟනක් වැනිය
බොන්න වෙන්නේ ධම්මික පැණිය
සැනසෙන්න බෑ බං මේ - කෙල්ල නැතිව

ඩයස් මචං කාරනාවක් උබටත් හරි වාසනාවක්
උඹ කැමති නැද්ද මගේ මස්සිනා වෙන්න

ඉස්සර අපි මාර ෆිට් - යුනිෆෝර්ම් කාලේ
ඉස්මයිල් එකක් දැම්මා - දැනගන්නට කලින්
හායි එකක් දුන්නා - අදහන්නට බෑ නේ
මගේ අතින්ම අරගෙන -ගියානේ ඩාන්ස් ෆ්ලෝ එකට
ඈ නම් සුර අඟනක් වැනිය…///