doctor-speacialist-issue

ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අද (29) පැවැත්වූ මාධ්‍ය හමුවකදී  එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය අශෝක ගුණරත්න මහතා මෙසේ කියා සිටියේය.'2024-25 වර්ෂ වලට විශේෂඥ වෛද්‍යවරුන් හාරදාහක් පමණ අවශ්යයි කියලා තමයි කලින් ඇස්තමේන්තු කර තිබේ. දැනට අපිට ඉන්නේ සියයට පනහක් පමණයි.


විශ්රාම ගැන්වීම අවුරුදු හැටට අඩු කරොත් තව දෙසිය පනහක් පමණ විශ්රාම යනවා. එතකොට 1750 පමණ ගානට සියලුම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්යාව පහළට බහිනවා.
මීට අමතරව තියෙන ප්‍රශ්නය තමයි හදිසි අනතුරු අංශ වල විශේෂඥ වෛද්‍යවරුන්. 30 ක් පුහුණු කරලා විශේෂඥ වෛද්‍යවරුන් විදිහට පත් කරා. 30 න් විස්සක් දැන් රට හැරලා ගිහිල්ල නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඇස්තමේන්තුව 2024-25 ට
289  මේ වර්ෂය වෙනකොට ඉන්නෙ 155 යි.
 එකසිය පනස් පහෙන් 30 ක් රට හැරලා ගිහිල්ලා වයස 60 විශ්රාම යනව නම් තවත් විස්සක් මේ වර්ෂයේ විශ්රාම ගන්න. එතකොට 105 යි.
 කුඩා ළමුන්ගේ රේඩියෝලොජි සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් එක්කෙනයි හිටියේ ලංකාවටම. ඔහු රට හැර ගිහිල්ලා. හදිසි අනතුරු සඳහා විශේෂඥ වෛද්‍යවරු දැන් ඉන්නෙ දහයක් පමණ. විශේෂඥ වෛද්‍යවරුන්ට අවශ්ය පහසුකම් නොමැතිවීම ද ඔවුන් රට හැර යාමට හේතුවී තිබෙනවා.


පශ්චාත් උපාධි කරන්න වෛද්‍යවරුන් පෙළඹෙනවත් අඩුයි.විශේෂඥ වෛද්‍යවරුන්ට ලැබෙන ඉතාම අවම පහසුකම් දුරස්ථ ප්රදේශ වලට ගියාම ඉන්න තැනක් නෑ. ක්වාටස් එකක් නෑ ඒ පිළිබඳව රජය සිතා බලන්න ඕන.
 මේ අවුරුදු 60 පිරෙන විශේෂඥ වෛද්‍යවරුන් නොයව හිටියනම් ගොඩක් ප්රශ්න අඩුයි. ඔවුන්ට තවත් සේවය කිරීමට හැකියාවක් තියෙනවා. එතකොට එහෙම යන්නෙත් නැති මේ රටේ ඉන්නත් පුළුවන් මේ රටේ සේවයක් කරන්නත් නෑ‘