epassport-year-end

මේ වසර අග සිට ලබාදීමට සූදානම් වන ඊ පාස්පෝට් එක ගැන ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැහැදිලි කිරීමක් කර තිබේ. ඔහු මෙසේ එය විස්තර කළේය.


'මේ අවුරුද්දේ අග ඉඳලා ඊ පාස්පොට් ලබාගැනීමේ අවස්ථාවක් ලැබී තිබෙන බව කියන්න ඕන මේකෙ තියෙන වාසි බොහොමයි. ලෝකේ තියෙන හොඳම ගමන් බලපත්‍ර ක්‍රමවේදය හදුන්වාදෙන්න තමා මේ උත්සාහ කරන්නේ. ඒක ඇත්තටම ඉලෙක්ට්රොනික ගමන් බලපතක්. එතකොට මේ ගමන් බලපත්රය තුළ දත්ත පිටුවක් ඇතුළත්. ඔය දත්ත පිටුව පොලිකාබනේට් කියන විශේෂයෙන් හදලා තියෙන්නේ. එතකොට දැනට තියෙන ඔය ජාතික හැඳුනුම්පත අලුත් ජාතික හැඳුනුම්පත පොලිකාබනේට් කාඩ්පතක්, ඒ කාඩ් පත ගමන් බලපත්රය මැදට. පිටුවක් විදිහට එනව ඔහුට ඒ ගමන් බලපත්රය ලෝකයේ දැනට තියෙන ඉහළම ආරක්සාවකින්.



ඒ කියන්නේ ව්යාජව හදන්න බැරි තාක්ෂණය උපරිමව පාවිච්චි කරපු ගමන් බලපත්රයක් බවට පත්වෙනවා. මේ පොලිකාබනේට් පිටුවේ අපි කොයි වෙලාවකවත් මේක මුද්රණය කරන්නේ නෑ. මේක ඇත්තටම ලෙසර් කිරණයක් ආධාරයෙන් මේ කාඩ් පතේ මැද ස්ථරයක් පුච්චන එක තමයි කරන්නෙ. ඒ ඇරෙන්නට මේ පොලිකාබනේට් දත්ත පිටුව මැදට එනවා. ඉලෙක්ට්රොනික චිපයක් ඇතුළේ චිපයේ තමයි සියලු තොරතුරු අපි අඩංගු කරන්නේ.

එතකොට මේක ඉතාම ආරක්ෂිත ක්රමවේදයක් එතකොට ජාත්යන්තර පිළිගැනීමක් ඇති වෙනවා. අපේ ගමන් බලපත්‍රය ඉතාම ආරක්ෂිත එකක් හැටියට. එය ව්යාජව කොහෙවත් සකසන්න බෑ කියන පණිවිඩය හා ඒ ගැන විශ්වාසයත් ජාත්‍යන්තරයට යනවා. එතකොට අපේ ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රය ශ්‍රේණිගත කිරීම්වල ඉහළට එයි. ඒ හරහා විශේෂයෙන්ම ලෝකෙ ගොඩක් රටවල් වෙනත් බලාපොරොත්තු වුණු විදිහට අපිට සමහරක් රටවලට වීසා නැතුව යන්න මෙවැනි පහසුකම් නිසා ලැබේවි. එහෙම කියන බලාපොරොත්තුවක් අපිට තියෙනව.



කොයි දවස් වගේ වෙනකොට මේක ක්රියාත්මක කරන්න පුළුවන්ද කියන පැනය ඊලගට එනවා. දැනට මේ අවුරුද්දේ මැද වෙනකොට මූලික කටයුතු අවසන් කරලා තියෙනවා. නමුත් මෙවැනි ගමන් බලපත්රයක් සකස් කරන්න. සාමාන්යයෙන් මාස හයකට ආසන්න කාලයක් යනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්ද අග වන විට  ගමන් බලපත්රය දෙපාර්තමේන්තුවට ලබා ගන්න. ඒ ඔස්සේ ජනතාවට ඒක දායාද කරන්න.