ලබන ජුනි 30 සිකුරාදා විශේෂ බැංකු හා කොටස් වෙළෙඳපල නිවාඩු දිනයක් ලෙස රජය ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ සමග ජුනි 29 සිට ජුලී 03 දක්වා දින 5 ක් තිස්සේ වාණිජ බැංකු වසා දැමෙනු ඇත.
මේ ගැන අගමැතිවරයා නිවේදනයක් නිකුත් කළ අතර ඊයේ මහබැංකු අධිපතිවරයා මාධ්‍ය හමුවකින් පැහැදිලි කිරීමක් කරමින් කියා සිටියේ රජයේ මූල්‍ය සඳහා විශේෂ තීන්දුවක් ගනිමින් මෙම වෙනස ඇති කළ බවයි.
මෙම වෙළෙදපළ ගනුදෙනු විරාමය හිතාමතා ඇතිකර තිබෙන්නේ 'දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට' බව ඔහු පෙන්වා දෙයි.
මේ අතර මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය පැහැදිලි කර ඇත්තේ මේ කාලය තුළ සිද්ධවන දේවල් ගැන ජනතාව බියක් ඇතිකරගතයුතු නැති බවයි. රාජ්‍ය ඇමතිවරයා මෙසේ පැහැදිලි කළේය.
" අපිට බිලියන 41 තියෙනවා.. තියන විදිහත් කියන්නම්කො බිලියන 25 ක් තියෙන්නේ භාණ්ඩාගාර බැඳුම්කරවල බිලියන 11ක් භාණ්ඩාගාර බිල්පත්වල සංවර්ධන බැඳුම්කර වල බිලියන 5.6 ක් තියෙනවා ඊලගට බැංකු රක්ෂණ ආයතනවල තව ටිකක් තියනවා.
දේශීය ණය ප්‍රතිව්‍යුහ කරණයේදී ද්වීපාර්ශ්වික දේ විතරයි අපි ගන්නේ. කිසිම වෙලාවක කපා හැරීමක් කතා කරන්නේ නෑ .
කල්දමා ගැනීමට සහ අපි ගෙවන්න පොරොන්දු කාලය දික්කරගන්න කිරීමට තමයි මෙහිදී උත්සාහ කරන්නේ.
තුන්වෙනි එක පොලිය අඩුකිරීම. ඔන්න ඔය කාරණා ඉෂ්ටකිරීම විතරයි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී අපට අවුරුදු පහකට දේශීය ණය වලින් පොඩි උපකාරයක් ලැබෙනවා.
මෙතැන බැරෑරුම් කාරනාවක් නැහැ.
පැහැදිලිව තැන්පතුකරුවන්ගේ මුදල් හෝ විශ්‍රාම අරමුදල් වල ඒවා හෝ පොලිය අඩුවන සිද්ධීන් වෙන්නේ නෑ. දවස් පහ වහගෙන මේ බැංකුව ඇතුළෙ ලොකු දෙයක් වෙන් නැහැ. ජනතාවගේ කලබලකාරීත්වය ඇතිවෙයි කියලා තියන හින්ද තමයි බැංකු වහන එක කරන්නෙ."
මේ අතර මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මේ ගැන මෙසේ පැහැදිලි කළේය.
"සිකුරාදා බැංකු නිවාඩු දිනයක් වශයෙන් පත් කිරීමට හේතුව වුණේ දේශීය ණය ප්රශව්යුහකරණයටයි. අප සකස් කළ වැඩපිළිවෙළක් අවසන් පතුලට ඇවිල්ල තියෙනව එතකොට ඒක ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වෙනවා යම්කිසි කාල පරාසයක්. අනුමැතිය ලබාගැනීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හා ඊට පස්සේ පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව සහ අනිකුත් මට්ටමින් සාකච්ඡා කරන්න කාලයක් අවශ්‍ය වෙනවා පාර්ලිමේන්තුවේ විවාද කරලා ඒ සඳහා අනුමැතිය ලබාගැනීම සඳහා අවසාන ලෙස දවස් හතරක් පහක් වගේ කාලයක් යාවි.
එක දිගට දවස් පහක යම්කිසි ආකාරයක වෙළද පොළවල් වසා තැබෙන කාලය තුල මෙය සම්පූර්ණ ක්‍රියාවලියම අවසන් කිරීමට හැකිවෙයි කියලා රජය බලාපොරොත්තු වෙන නිසා තමයි 30 දිනය නිවාඩුව පත්කරල තියෙන්නෙ. සමහර අය කටකතා පතුරනව මේක ජනතාවගේ බැංකුවල තැන්පත් මුදල් යම්කිසි ආකාරයක හානියක් වෙනව කියලා.
ශ්‍රී ලංකා මහබැංකු වශයෙන් සහතික කළ කියන්න පුළුවන් එහෙම දෙයක් නොවන බවට.
විදේශීය බැංකු සහ බැංකු නොවන තැන්පත් ලබාගන්නා ආයතනවල තියෙන තැන්පත් මුදල් හෝ දැනට ඒවාට ලැබෙන පොලී මුදල්වල කිසිම අඩුවක් වෙන්නෙ නැති විදිහට මේක වෙන්නෙ. ඒකට හානියක් වෙන්නේ නැහැ ."
0 Comments