gajendra-kumar

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ව අද (07) පෙරවරුවේ කොළඹ පිහිටි ඔහුගේ නිවසේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි.
දෙමළ ජාතික මහජන පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා පසුගිය 02 ජනහමුවක් සඳහා තලයාඩි ක්‍රීඩාංගනය වෙත පැමිණ සිටි අවස්ථාවේ එම ස්ථානය අසලට පැමිණ සිටි බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකු හා මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් සමඟ උණුසුම් වචන හුවමාරුවක් හටගෙන තිබුණි.



සිද්ධිය වන අවස්ථාවේ ඊට යාබදව පිහිටි තාලයඩි රෝමානු කතෝලික මිශ්‍ර විදුහලේ සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයටද බාධා සිදුව ඇති අතර පොලිස් නිලධාරීන් පැමිණ මන්ත්‍රීවරයාට ඉවත්වෙන ලෙස දැනුම්දී තිබියදී එම පොලිස් නිලධාරීන් හා මන්ත්‍රීවරයා අතර උණුසුම් තත්වයක් ඇති විය.
මරදන්කේනි පොලිසියේ උපදෙස් මත ජයපුරම් පොලිසියේ ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර පොලිස් නිලධාරීන් පිරිසක් සමග ආරවුලක් ඇති කරගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ විදෙස් ගමන් තහනම් කිරීමට කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කර තිබුණි.



ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්‍ත්‍රීවරයා සමග ආන්දෝලනාත්මක සිද්ධිය ඇතිවූ පොලිස් නිලධාරීයා වන්නේ පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතාය.
ඔහු 1990 වසරේදී ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරමින් සිටින අතරතුර LTTEයේ පැහැරගැනීමට ලක්වී එම කඳවුරක වධ බන්ධනවලට ලක් වූ අයෙකි.

එල්.ටී.ටී.ඊ.යෙන් නිදහස ලබා පැමිණි සනත් ගුණවර්ධන පොලිස් සැරයන් ධුරයට උසස් කෙරුණු අතර යළි උතුරු පළාතට ස්ථාන මාරුවක් ලද ඔහු එහි රාජකාරී කරමින් සිටින අතරතුරයි මෙම සිද්ධියට මුහුණ දී තිබුණි.