galenbindunuwewa-school-incident

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක විදුහල්පතිවරකු එහි 11 වැනි ශ්‍රේණියේ සිසුවකුට පාසලට ප්‍රමාද වී පැමිණීම සම්බන්ධයෙන් අවවාද කිරීමේදී සිසුවා එම විදුහල්පතිවරයාට පහරදී ඇතැයි කියන සිද්ධියක් පිළිබඳව පැමිණිල්ලක් ලැබී ඇතැයි ගලෙන්බිඳුණුවැව පොලිසිය කියයි.


මෙම සිසුවා නිරන්තරයෙන් ප්‍රමාද වී පාසලට පැමිණීම පිළිබඳව පන්තිභාර ගුරුවරයා ඇතුළු
ගුරුවරුන් විදුහල්පතිවරයාට පැමිණිලි කර ඇති අතර ඒ අනුව විදුහල්පතිවරයා සිසුවාට අවවාද කිරීමට යාමේදී මෙම පහරදීම සිදු කර ඇති බව විදුහල්පතිවරයා ගලෙන් බිඳුණු වැව පොලිස් ස්ථානයේ ළමා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් කර ඇත.
විදුහල්පතිවරයාට පහර දී ඇති සිසුවාගේ දෙමාපියන් ගලෙන්බිඳුණු වැව ප්‍රදේශයේම පාසල් දෙකක ගුරුවරුන් බව ගලෙන්බිඳුණු වැව පොලිසිය පවසයි.
පහරදීම සම්බන්ධව ගලෙන් බිඳුණු වැව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ගලෙන්බිදුණුවැව චින්තක ක්‍රිෂාන්ත බාලසූරිය