හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීමට ගිය එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා ඇතුළු පිස්කල් නිලධාරීන් පිරිසකට අපහාසාත්මක අන්දමින් බැණවැදී ඔවුන්ගේ රාජකාරියට බාධා කළැයි කියන ව්‍යාපාරිකයකු මෙම 26 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය පෙරේදා (20 වැනිදා) නියෝග කළේය.
අදාළ ව්‍යාපාරිකයා හැටන් බගවන්තලාව පාරේ නෝර්වුඩ් ප්‍රදේශයේ පවත්වාගෙන යන වෙළෙඳසලක් සම්බන්ධයෙන් වන නඩු විභාගයකට අදාළව හැටන් මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝගයක් නිකුත් කරනු ලැබීය. ඒ වෙළෙඳසල මුද්‍රා කිරීමටය.
මෙම නියෝගයට අනුව අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා, පිස්කල් නිලධාරීන් හා පොලිසිය 20 වැනිදා අදාළ වෙළෙඳසල වෙත පැමිණි අවස්ථාවේදී වෙළෙඳසල් හිමිකරු උසාවියේ ටයි කෝට් දාගෙන ඉන්න ඔක්කොම හොරු යැයි කියමින් අපහාසාත්මක අන්දමින් බැණවැදි ඔවුන්ගේ රාජකාරියටද බාධාකරනු ලැබීය.
රෙජිස්ට්‍රාර්වරයා විසින් මේ සම්බන්ධයෙන් නෝර්වුඩ් පොලිසියට කරන ලද පැමිණිල්ල මත සැකකාර ව්‍යාපාරිකයා අධිකරණයට අපහාස කිරීම හා රාජකාරියට බාධා කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකෙරිණි.
එෆ්.අස්ලම්
0 Comments