homagama-kottawa-kosgoda-murder-updates

කොට්ටාව, හෝමාගම සහ කොස්ගොඩ යන ප්‍රදේශවලදී පසුගිය 20වැනිදා සහ 21වැනිදා දිනවල සිදු වූ වෙඩි තැබීම් තුන සඳහාම සංවිධානාත්මක අපරාධ කල්ලsවල සාමාජිකයන් සම්බන්ධ බවට පොලීසියට කරුණු හෙළිවී තිබේ.මේ තුනම කොන්ත්‍රාත් ලබාදී මරා දැමූ සිදුවීම්ය.
වෙඩි ප්‍රහාරයන්ට ලක්ව ජිවිතක්‍ෂයට පත්වූයේ, හෝමාගම, කටුවාන,පදිංචිව සිටි මහරගේ චමිල සංජීව පෙරේරා (අවු.46), මත්තෙගොඩ, පදිංචිව සිටි පැලණ්ඩලතායකගේ මිහිරාත් ප්‍රහාත් පත්මසිරි (අවු.33) සහ කොස්ගොඩ, හෑගැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි විජිත ද සිල්වා (අවු.52) නමැත්තන්ය.


හෝමාගම  කටුවාන ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමට ටී56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කර වෙඩි ප්‍රහාර පහක් එල්ල කර ඇති බවත්, කොට්ටාව ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය රසායනාගාරයක් තුළදී සිදුකළ වෙඩි ප්‍රහාරය සඳහා මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝල දෙකක් භාවිත කර, ඉන් එක් පිස්තෝලයක් රසායනාගාරය තුළ සිටි පුද්ගලයකු සහ හෙදියත් බිය ගැන්වීමට භාවිත
කර ඇති බවත් හෙළිව ඇත. පිස්තෝලයෙන් වෙඩි ප්‍රහාර 11ක් එල්ල කර ඇති බවත් අනාවරණය කර ගෙන තිබේ.

ඝාතනයට ලක් වූ චමිල් මීට මාස අටකට පමණ පෙර වෛද්‍ය ශිෂ්‍යාවක් සමග විවාහ වී ඇති අතර, පෞද්ගලික රෝහලක සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිට තිබේ.
ඉකුත් මැයි 15වැනිදා බොරැල්ල සිරිසර උයන නිවාස සංකීර්ණයේ දී පුද්ගලයකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරිම් සිද්ධියට පලිගැනීමක් ලෙස, ඝාතනය කළ පුද්ගලයාගේ සහෝදරයකු යැයි සිතා වැරදීමකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එලෙස පෙර මියගිය පුද්ගලයාද රසායනාගාරයේ සේවය කරන අතර, වෙඩි වැදී මියගිය පුද්ගලයා සහ බොරැල්ල ඝාතකයාගේ සහෝදරයා ද එක සමාන හැඩරුවෙන් යුක්ත වූවන් බවට පොලීසිය කියයි.



මේ අතර හෝමාගම, හෝ කටුවාන ප්‍රදේශයේදී මියගිය පුද්ගලයා යුද හමුදාවේ කලක් සේවය කර, ඉන් ඉවත්ව වාහන අමතර කොටස් ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් සිට ඇති අතර, මෙම වෙඩි තැබීම් පසුගිය 20වැනිදා රාත්‍රියේදී සිදුවිය.
මෙම ඝාතනයට සැකපිට පළා ගොස් සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘හදපාන්ගොඩ හඳයා‘ නමැත්තා හදුනාගත ඇතැයි විමර්ශන නිලධාරිහු පවසති.
'හදයා' විසින් පවත්වාගෙන ගිය එළවළු වෙළද සැලකට කිසියම් පිරිසක් මීට වසරකට පමණ පෙර හානි කිරීමේ සිද්ධියකට හා ඔහුගේ සහෝදරයෙකුගේ මත්ද්‍රව්‍ය ජාවාරමක් වැටලිම් සිද්ධියකට ඔත්තු දුන්නේ යැයි දෙදෙනා අතර කලක සිට මතභේද තිබී ඇති බවට මූලික පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

එසේම 'හඳයා‘ අවස්ථා කිහිපයකදී මියගිය පුද්ගලයාට දුරකථන ඇමතුම්දී ඇති බවත්, එක් අවස්ථාවකදී ඔහු විසින් මියගිය පුද්ගලයා ඝාතනය කරන බවට ප්‍රකාශ කර තිබිණ.
ඒ අනුව පොලීසිය කරුණු අනාවරණය කරගෙත ඇත්තේ, මෙම ඝාතනය 'හදයා' විසින් පුද්ගලයන් දෙදෙනෙකුට කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇති බවත්,
ඒ අනුව හදයා ඩුබායි සිට මෙම කොන්ත්‍රාත්තුව ලබාදී මෙම ඝාතනය කර ඇති බවය. ගාතනය සිදුවන්නට පෙර මියගිය පුද්ගලයාට ආ දුරකථන ඇමතුම ලබාගත් අංකය සොයායාම්දී එය  මේ වනවිට අක්‍රීය කර ඇති බව හෙලිව ඇත.



එසේම කොස්ගොඩ, හෑගල්ල ප්‍රද‍ේශයේදී පෙරේදා (21දා) උදෑසන සිදු වූ වෙඩි තැබීම සදහා ඝාතකයත් පැමිණියේ යැයි සැකකකරෙන යතුරුපැදිය ඉඳුරුව, මඟ ඉඳුරුව, සුදු වැලිපොත කුරුදු කැලෑවක දමා ගොස් සිටියදී ඊයේ උදෑසන සොයාගත් බව කොස්ගොඩ පොලීසිය සදහන් කරයි. පොලිසියට ලද තොරතුරකට අනුව මේ යතුරුපැදිය සොයාගත් බවත්, එය ස්කුට් වර්ගයේ කාන්තාවන් පරිහරණය කරන යතුරුපැදියක් බවත් පොලීසිය පවසා සිටියි.
ඝාතකයන් පැමිණි සහ ඔවුත් ගිය මග දෙපස සී.සී.ටී.වී. කැමරා පද්ධති පරික්‍ෂා කිරීමද ආරම්භ කර ඇති බවද ඇල්පිටිය පොලීසිය පවසා සිටියි.
මම වෙඩි තැබීමේ සිද්ධීන් සම්බන්ධ සැකකරුවත් කිසිවෙකුත් මේ වනවිට අත්අඩංගුවට ගෙන නොමැති අතර, හෝමාගම, කොස්ගොඩ හා කොට්ටාව පොලිස් අපරාධ අංශය, ඇල්පිටිය විශේෂ අපරාධ විමර්ශන ඒකකය, අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බළකාය, බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පොලිස් රාජ්‍ය බුද්ධි අංශය පරික්‍ෂණ පවත්වයි.