homagama-online-brothel-raided

හෝමාගම කටුවාන පාරේ ලැගුම්හලක රහසිගතව පවත්වාගෙන ගිය අන්තර්ජාලය ඔස්සේ කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවන ජාවාරමක් වටලා එහි හිමිකරු සමග වයස අවුරුදු 23 ක කාන්තාවක අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි.
 
පොලීසියට ලද තොරතුරක් අනුව උපාය දුතයකු යොදවා එම කාන්තාව සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.


පොලිසිය එහි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී
සැකකරු ව්‍යාජ නමකින් අන්තරජාලයේ වෙබ් අඩවියක් විවෘත කර එම වෙබ් අඩවියේ කාන්තාවන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් ඒ ඔස්සේ අවශ්‍ය කාන්තාව තෝරාගෙන ඇනවුම් කිරීමෙන් අනතුරුව එම කාන්තාව මුදලට ලබා දීමට කටයුතු කරන බවට අනාවරණය වී තිබේ.
එසේ ඇනවුම් කරන කාන්තාව ලබා දීමට මෙම සැකකරු ඇනවුම් කරන පුද්ගලයාගෙන් රුපියල් 6000 ක මුදලක් ලබා ගන්නා බවත් එම කාන්තාවගේ නග්න පින්තුරය එම වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කිරීමට එක් කාන්තාවකගෙන් දිනකට රුපියල් 400 ක මුදලක් සැකකරු
අය කරන බවත් පොලිසිය කියයි.


ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර මෙම වැටලීම හෝමාගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මානවඩු මහතාගේ උපදෙස් පී.ආර්. මත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අජන්ත ප්‍රභාකර, පොලිස් සැරයන් 70153 මෙන්ඩ්ස්ස්, පොලිස් කොස්තාපල් වරුන් වන 11868 103523 ප්‍රවීන්, 103536 මධුෂාන් කාන්තා පොලිස් කොස්තාපල් 11914 මේකලා යන පොලිස් නිලධාරීහු සිදු කරති.

හෝමාගම ප්‍රියන්ත ජයලත්