isuru-lokuhettiarachchi-speaks

ප්‍රකට නළු ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සතිඅන්තයේ පුවත්පතකට අදහස් දක්වමින් අද (24) සිය පෙම් සබඳතා ගැන මෙසේ හෙළි කර සිටියේය.




'ලංකාවේ කලාකරුවෝ බොහෝම සුළු ප්‍රමාණයක් තමයි ඉන්නෙ. හැබැයි ඈත ගමක කෙනෙක් දික්කසාද වුණොත් ඒක රටම දන්නෙ නැහැ. නමුත් ජනප්‍රිය කෙනෙක් වෙන් වුණොත් ඒක රටම දන්නවා. කොහොම නමුත් එකට ඉන්න බැරි නම්, ගහ මරා ගන්නෙ නැතිව, දරුවො අනාථ කරන්නෙ නැතිව වෙන්වෙලා යන එක හොඳයි. ඒකත් බුද්ධිමත්ව වෙන් වන්නයි ඕනෑ. කලාකරුවෝ වැඩියෙන් දික්කසාද වෙනවා වගේ පෙනුණාට සමාජය ඇතුළේ මේ ප්‍රශ්නය ඕනෑවටත් වඩා තියෙනවා. ඒවා ප්‍රසිද්ධ නැහැ.

මේ වෙන කොට මට ප්‍රේම සබඳතා හය හතක් තිබිලා බිඳ වැටිලා තියෙනවා. ඒත් හැමෝම දන්නෙ තරින්දිගෙ කතාව විතරයි.

ප්‍රේම සබඳතා සියයකින් හරි හරිම කෙනා හමුවුණොත් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන එක හොඳයි.


ඒක හරි. ඒත් බැඳලා අවුරුදු පනහක් එකට ඉඳලත් ඉන්න බැරි නම් පනස් එක් වැනි අවුරුද්දෙ වෙන් වුණාට කමක් නැහැ. මේ කාරණය සංස්කෘතිකයි. එක මිනි‍ෙසක් නිර්මාණය වෙලා තියෙන්නේ තනියෙන් ඉන්න. දෙන්නෙක් එකට ඉන්නවා කියන්නෙ සංස්කෘතික කාරණයක්.

 මරා ගෙන එකට ඉන්නවට වඩා මම දකින්නෙ බුද්ධිමත්ව වෙන් වෙන එක හොඳයි. බුද්ධිමත්ව එකට ජීවත් වෙන්න පුළුවන් නම් ඒක වඩාත් හොඳයි.'