j-jayasinghe-canada-lottery-win

කැනඩාවේ පදිංචි ශ්‍රි ලාංකික සම්භවය සහිත අයෙකුට කැනේඩියානු ඩොලර් මිලියන 35ක (රුපියල් කෝටි 800ක්) ලොතරැයි දිනුමක් ඇදුණු බව එරට සීබිසි පුවත් සේවය වාර්තා කළේය. ඔන්ටේරියෝ ලොතරැයි සහ ක්‍රීඩා සමාගමේ ලොටෝ මැක්ස් ලොතරැයියේ මේ මස 6 වැනිදා දිනුම් ඇඳීමෙන් පළමු ජයග්‍රහණය අත්කරගත් ශ්‍රී ලාංකිකයා වන්නේ නිරිතදිග කැනඩාවේ වින්ඩ්සර් නගරයේ සුළු රැකියාවක නිරතව සිටි ජේ. ජයසිංහ නමැති පුද්ගලයෙකි.


කැනඩාවේ පදිංචියට ගිය වකවානුවේ සිට ලොතරැයිපත් මිලදී ගැනීමට පුරුදු වූ ඔහුට මේ ජයග්‍රහණය හිමි වී ඇත්තේ ඔහුගේ දියණිය විශ්විද්‍යාලයේ උපාධිය ලැබීමෙන් සතියකට පසුව බව ද සිබිසි පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
ලොතරැයි දිනුම නිවේදනය කිරීමෙන් පසු පළමු දිනුම ඇඳී ඇත්තේ වින්ඩිසර් නගරයෙන් අලෙවි වූ ලොතරැයිපතකට බව ඔහු සිය බිරියට කියා සිටි බවත් එය තමා මිලදි ගත් ලොතරැයියකට ලැබේදැයි සිතුණු බවත් ඔහු සඳහන් කර තිබේ. එදිනම පස්වරුවේ ඔහු ලොතරැයිය මිලදී ගත් සාප්පුවට ගොස් ඇති අතර, පළමු මුදල් ත්‍යාගය ලැබී ඇත්තේ තමා මිල දී ගත් ලොතරැයි පතට බව දැනගත් විගස හෘදස්පන්දය වැඩි වූ බවත්, දෑසට කඳුළු ඉනු බවත් ජයසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.


“මගේ අවස්ථාව එයි කියලා මම නිතරම බලාපොරොත්තු වුණා. "මගේ දුව විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා හරියටම සතියකට පසුව මම මෙම ත්‍යාගය දිනා ගත්තා - එය ජයග්‍රහණ දෙකක් ලෙස දැනුණා." ඔහු කීය.
ලැබුණු ත්‍යාග මුදලින් නව නිවෙසක් මිලදී ගැනීමටත් දියණියගේ වැඩිදුර අධ්‍යාපනයට සහ සංචාරවල නිරත වීමට එම මුදල යොදවන බවත් සඳහන් කර ඇතැයි වාර්තා වේ.
" මම කැමැතියි රට රට වල සංචාරය කරන්න. ඒ වගේම කැනඩාවේ ස්වභාවික සෞන්දර්ය දැක බලාගන්න. ශ්‍රී ලංකාවට එන්නත් අදහසක් තියෙනවා. එහේ උදවු කරන්න ඕන විශේෂ පිරිසක් ඉන්නවා, මේ මුදලින් කොටසක් එයාලගේ සුබසාධනය වෙනුවෙන් යොදවනවා. වි-8 වර්ගයේ‍ "ඩොග් චාර්ජර් හෙලිකට්‘ මෝටර් රථයක් මිලදී ගැනීමත් ඔහුගේ අපේක්ෂාවක් වී තිබේ.