jeewan-thondaman-involwed-bagavanthalawa-incident

බගවන්තලාව නගරයේදී තරුණයෙකු අත්අඩංගුවට ගන්නා මුවාවෙන් පොලිසිය සිදු කළ පහරදීම දැඩි ලෙස හෙළා දකින බවත් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට එරෙහිව ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් උද්‍යාන යටිතල පහසුකම් හා ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා පවසයි.

පසුගිය 22 වැනිදා මෙම ප්‍රදේශයේ පිහිටි රජයේ බැංකුවක තරුණයෙකු සහ බැංකු කළමනාකාරවරයා අතර බහින්බස්වීමක් සිදුව තිබෙන අතර එය විසදාගන්නට බැරිවූ බැංකු කළමණාකරු පොලිසියට ඒ ගැන දැන්වීය.

දැනුම් දීමෙන් පසු බගවන්තලාව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් සැකකරු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී එහි රැස්ව සිටි ජනතාව දැඩි විරෝධය පළ කර ඇත.
නමුත් පොරබැදීමකින් පසු තරුණයා පොලිස් අත්අඩංගුවට පත් විය. ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයා සිය කණ්ඩායම සමඟ ඊයේ (24) බගවන්ට්ලාව නගරයට ගියේ මෙම සිද්ධියේදී පොලිසිය ඉවක් බවක් නොමැතිව ක්‍රියා කර ඇති බවට පළවූ විවේචන ගැන සොයා බලන්නටය.


 ජීවන් තොණ්ඩමන් කියා සිටියේ, "මේ අවස්ථාවේදී මම බලධාරීන්ට අත්අඩංගුවට ගත් තරුණයාගේ පැත්තෙන්
සාධාරණීකරණය පැහැදිලි කළ අතර සමහර පොලිස් නිලධාරීන් මෙම කාරණයේදී තම බලය
උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කර ඇති බවත් පෙන්වා දුන්නා.පොලිසිය විසින් තරුණයා අත්අඩංගුවට ගත් ආකාරය සොයා බලා ඔවුන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගත යුතු බව මම ද අවධාරණය කළා.
නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම පොලිසිය සතුයි. ඊට පටහැනිව, නීතිය අතට ගැනීමට කිසිවෙකුට බලයක් නොමැති බව මම ඉහළ පෙළේ පොලිස් නිලධාරීන්ට දැනුම් දුන්නා,” ජීවන් අමාත්‍යවරයා පැවසීය.