kandana-boy-girl-death

තමාට පිරිමි ළමයෙක් ලෙස ජීවත් වීමට අවැසි බව පවසමින් ලිපියක් ලියා තබා වයස අවුරුදු 14ක දැරියක් ගෙල වැලළාගෙන මියගිය සිද්ධියක් කදාන ප්‍රදේශයෙන් වාර්තා විය.

කදාන පොලිස් වසමට අයත් උතුරු බටගම ප්‍රදේශයේ පදිංචිව සිටි ඇය නිරන්තරයෙන්ම පිරිමි ළමයෙකු ආකාරයට හැසිරීමට වැඩ කිරීමට ආසා කල නමුත් නිවැසියන් ඇයගේ ගතිගුණ වෙනස් කරන්නට උත්සාහ දරා ඇතැයිද ඇය එය නොරිස්සූ බවද වාර්තාවේ.



 14 හැවිරිදි පාසල් දැරියකගේ සිරුර නිවසේ නිදන කාමරයේ එල්ලෙමින් තිබිය දී ඊයේ (28) සොයාගත් අවස්තාවේ එම කාමරයේ ඇයගේ අත්අකුරින් ලියා තිබූ ලිපියක් පොලිසියට හමුවිය.
දැරිය තම මවට ලිපිය ලියා තබා තිබූ අතර, තමන් ගැහැනු ළමයකු වීම ගැන අතිශයින්  කනගාටු වන බවත් තමන්ට අවශ්‍ය පිරිමි ළමයකු ලෙස ජීවත් වීම බවත් ඇය එම ලිපියේ සඳහන් කර ඇති බව පොලිසිය කියයි.
 ඒ අතරම රූපවාහිනියේ විකාශනය වූ කොරියන් ටෙලිනාට්‍යයක එක්තරා පිරිමි නළුවකුට තමා බෙහෙවින් ඇලුම් කරන බවද ඇගේ ලිපියේ සඳහන්ව ඇති බවද පොලිසිය පවසයි. මෙසේ මිය ගොස් ඇත්තේ පාසලේ නවවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි දැරියකි.

‘ගැහනු ළමයෙකු වෙල ඉපදිලා  ජීවත්විමට ලැබීම මට හරි දුකක්. මට අදින්න පළදින්න ජිවත් වන්න උවමනා කරන්නේ කොල්ලෙක් වගේ නමුත් ඒකට ඉඩ දෙන් නැහැ’ යනුවෙන් එම ලිපියේ සඳහන්ව තිබී ඇත.

දැරිය ගෙලවැලලා ගැනිමට ප්‍රථම තම මවට ලිපියක් ලියා තබා ඇති බව පවසන  ලිපියේ තමන් ගැහනු ළමයෙකු වීම ගැන තමා හැම මොහතකම වචනයකින් කිව නොහැකි තරම් කනගාටුවකින් පසුවු බව දක්වා ඇත.


තමන්ට ගෙදරදිම මෙන්ම පාසැලේදීත් ගැහැනු ළමයෙකු මෙන් ගත කිරිමට සිදුවන බවත් පිරිමියකු වන්නට බැරිවිම ගැන තමා හැම මොහතකම දැඩි දුකකින් පසුවු බවත් සඳහන් කර ඇති ඇය
තමන්ට ජීවත් වීමට අවශ්‍ය කරන්නේ පිරිමි ළමයෙකු ලෙස බවත් රුපවාහිනියේ එක්තරා චැනලයක ළඟකදී විකාශනය වුන කොරියන් ටෙලි කථාවක එක්තරා පිරිමි නළුවෙකුට තමා බෙහෙවින් ඇලුම් කර ඔහු අනුකරණය කළ බවත් ඒ හැසිරීම් නිසා බැනුම් අසන්නට වී දුකට පත්වූ බවත් සඳහන් කර තිබුනි.

මියගිය අයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා රාගම රෝහලේ තබා ඇත.කඳාන පොලිසිය පරීක්ෂණ සිදු කරයි.